බ්‍රිතාන්‍ය මහාධිකරණය මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කරයි

එක්සත් රාජධානියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කරමින් සිටි කාලයේදී දෙමළ විරෝධතාකරුවන් පිරිසකට ඉඟියෙන් තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රි ලංකා යුධ හමුදාවේ මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු  සියලු චෝදනාවලින් නිදොස් කිරීමට බ්‍රිතාන්‍ය මහාධිකරණය ඊයේ (19) කටයුතු කර ඇත. දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරමින් මෙම විරෝධාතවට එක් වූ මජුරන් සදානන්දන් නැමැත්තා විසින් ලන්ඩන් මහාධිකරණයේ එවකට බ්‍රිගේඩියර් තනතුරේ සිටි ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පැවරූ අතර මහාධිකරණ විනිසුරන් තීරණය කර තිබුණේ ප්‍රියංක ප්‍රනාන්දු මහතාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය පවතින බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රීමත් ජූලියන් ෆ්ලෝක්ස් සහ මැක්ගෝවන් යන විනිසුරු දෙපළ විසින් මෙම නඩු තීන්දුව ඊයේ ප්‍රකශයට පත් කර ඇත. 2018 වසරේ පෙබරවාරි මාසයේදී පැවැති ලන්ඩනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට තිබූ ශ්‍රි ලංකාවට එරෙහි දෙමළ විරෝධතාකරුවන්ගේ උදඝෝෂණයකදී එම විරෝධතාකරුවන්ට ඇඟිලිවලින් මරණීය තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ අතර මේ සම්බන්ධයෙන් එහි සිටි එක් විරෝධතාකරුවකු වූ සදානන්දන් මහතා මුලින්ම එය දිස්ත්‍රික උසාවියක නඩු පැවරීය. එහිදී එම විනිසුරන් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වැරදි බවට තීරණය කළ අතර පසුව ඔහුගේ නීතීඥයන් මෙය මහාධිකරණය වෙත රැගෙන ගියේය. මහාධිකරණ විනිසුරන් ඔහු නිදොස් කොට නිදහස් කරන්නේ එම නඩු විභාගයෙන් අනතුරුවය.

Exit mobile version