බ්‍රිතාන්‍යයේ පැතිරෙන නව වෛරස් ප්‍රභේදය පී.ආර්.සී වලට හසු නොවන්න පුලුවන්…

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛරස රෝග පිලිබඳ මහාචාර්ය  දීපිකා මලවිගේ කියයි...

නතාෂා නෙත්මිණි           

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස් ප්‍රභේදය මෙතෙක් පැතිර ගිය කොරෝනා වෛරස් ප්‍රභේදයන්ට වඩා ජානමය වෙනස්කම් විශාල සංඛ්‍යාවක් තිබෙන බවට බ්‍රිතාන්‍ය  පරයේක්ෂකයන්  සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛරස රෝග පිලිබඳ මහාචාර්ය  දීපිකා මලවිගේ  සඳහන් කරයි.

ජානමය රටාවන්ගේ වෙනසක් සිදු වුවහොත් පීසීආර් පරික්ෂණවලට මෙය හසු නොවන්ට ඉඩ ඇතැයිද ඇය පෙන්වාදේ.

මෙම වෛරස් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරයන බවට මේ වන විටත් සනාථ වී ඇතැයිද මහාචාර්යවරිය සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් මේ වන විට දකුණු අප්‍රිකාවේද මෙවැනි වෛරස් ප්‍රභේදයක් මතුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද ඇය සඳහන් කරයි.

Exit mobile version