බ්‍රිතාන්‍යයේ කොරෝනා නීති ලිහිල් කිරීමට එරෙහිව විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් 4000ක් අත්සනින් යුත් ලිපියක්

කොරෝනා ව්‍යාප්තිය පාලනයට බ්‍රිතාන්‍ය තුල පනවා තිබූ සංචරණ සීමා සියල්ල එළැඹෙන 19 වැනිදා ඉවත් කිරීමට එරට අග්‍රමාත්‍යවරයා විසින් ගෙන තිබූ තීරණය භයානක සහ සදාචාරාත්මක නොවන තීරණයක් බවට පවසමින් විද්‍යාඥයින් වෛද්‍යවරුන් සහ හෙදියන් 4000ක අත්සනින් යුත් ලිපියක් යොමු කර තිබේ.

මෙම ලිපිය ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ පළකර ඇති අතර අග්‍රාමත්‍ය බෝරිස් ජොන්සන්ගේ තීරණය හේතුවෙන් ඉතා භයානක ප්‍රතිවිපාක අත්විය හැකි බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

“බ්‍රිතාන්‍ය රජය දැනට ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමර්ග ගැන යලිත් සිතා බැලිය යුතුයි. විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන වැඩි අවදානයක් යොමු කළයුතුයි. අපි රජයයෙන් ජූලි 19 වැනිදා රට විවෘත කිරීම නවතා දමන ලෙස ඉල්ලා සිටිනවා.” යනුනේ ලිපියේ සඳහන්ව තිබේ.


“සියලුදෙනාම එන්නත්කරන කළ යුතුයි. එහිදී නව යොවුන් වියේ සිටින පිරිසටද එන්නත ලබාදිය යුතුයි. ඒ වගේම පාසල් නිසි පරිදි දුරස්ථභාවය පවත්වාගෙන යාමට හැකිවෙන අයුරින් සකස් කිරීමටත් සිදුවිය යුතුයි. එම කරුණු සියල්ල සපිරෙන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති පරිදි මුඛ ආවරණ පැලදීම සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සිදු කළ යුතුයි.” යනුවෙන්ද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

අදාල ලිපියට මුල් අවස්ථාවේ විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් කිහිපදෙනෙක් පමණක් අත්සන් කර තිබුනද පසුව එයට අන්තර්ජාලය ඔස්සේ විශාල පිරිසක් අත්සන් තබා එය අනුමත කර තිබේ.

ආචාරය දීප්ති ගුරදාසනී පවසන්නේ බ්‍රිතාන්‍ය රජය විසින් එරට දරුවන් වෛරසයට නිරාවරණය කර ඇති බවයි. එය කිසිම අයුරකින් අනුමත කළ නොහැකි මෙන්ම සදාචාර්ත්මක නොවන ක්‍රියාවක් බවයි.

මෙම සතියේ බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන් ජූලි 19 වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර තිබු නීතියද ඉවත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් 19 වැනිදා බි්‍රතාන්‍ය විවෘත කරනවාද නැද්ද යන්න එළැඹෙන 12 වැනිදා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

බි්‍රතාන්‍ය රජය සඳහන් කරන පරිදි එරට වැඩිහිටියන්ගෙන් සියයට 86ක් කොරෝනා මර්ධන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබේ. එමෙන්ම සියයට 64ක් පූර්ණ එන්නත්කරනයට ලක්වී ඇත.

කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය බි්‍රතාන්‍ය පුරා පැතිරයමින් තිබේ. ගතවු සතිය තුල සාමාන්‍යක් ලෙස දිනකට කොරෝනා ආසාදිතයින් 25000ක් බි්‍රතාන්‍යයෙන් වාර්තා වී ඇත.

එම අගය මැයි මස මැද භාගයේදී බි්‍රතාන්‍යයෙන් වර්තා වූ දෛනික රෝගින් ගණනට සාපෙක්ෂව සියයට 10ක ඉහළ යාමකි. කෙසේ වෙතත් අප්‍රේල් මස මැදභාගයේ සිට කොරෝනා වෛරසය වැලදීමෙන් සාමාන්‍යක් ලෙෂ දෛනිකව මරණයට පත්වෙන සංඛ්‍යාව 30කට අඩු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බි්‍රතාන්‍ය තුල කඩිනමින් සිදුවූ එන්නත්කරනය හේතුවෙන් මරණ සංඛ්‍යාව පහළ ගොස් ඇතැයි විද්‍යාඥයින් විශ්වාස පළකරයි. ඒ අනුව තවමත් බි්‍රතාන්‍ය තුල ඇති අවදානම්කාරී තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

Exit mobile version