බ්‍රිගේඩියර්ගේ බව කියන හමුදා වෑන් රථයේ හෙරොයින් කිලෝ 45ක්

File photo

හොරණ ප්‍රදේශයේ දී හොරෙයින් කිලෝ 45යි ග්‍රෑම් 376ක ප්‍රමාණයක් සමඟ අද (25) උදෑසන අත්අඩංගුවට ගත් වෑන් රථය යුධ හමුදා බ්‍රිෙග්ඩියර්වරයකු පාවිච්චි කරන එකක් බව පැවසෙන බවත් ඒ සමඟ අත්අඩංගුවටගත් පුද්ගලයන් අතර අත්තිඩිය යුධ හමුදා කඳවුරට අනුයුක්ත ලාන්ස් කෝප්‍රල් වරයකු ද සිටි බවත් පොලිසිය සඳහන් කරයි.

යුධ හමුදා අංක තහඩු යටතේ ගමන් ගත් මෙම කේ.ඩීඑච් වර්ගයේ වාහනය පදවා ඇත්තේ යුධ හමුදා නිල ඇඳුමින් සැරසුණු මෙම ලානස් කෝප්‍රල් බව කියන පුද්ගලා විසින් වන අතර වෑන් රථයේ සිටි තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යුද හමුදාවෙන් අයකු බවට අනාවරණය වී ඇත.

දකුණු අධිවේගී මාර්ගයේ ඉමදූව ප්‍රදේශයෙන් මෙම වෑන් රථය අධිවේගී මාර්ගයට පිවිස ගැලනිගම ප්‍රදේශයේදී අධිවේගී මාර්ගයෙන් ඉවත් වී ගමන් කර ඇත.


මාස 2ක පමණ කාලයක් තුළ අත්අඩංගුවට ගත් මහ පරිමාණයේ 4වන මත්ද්‍රව්‍ය තොගය මෙය බවට සැළකේ.
පානදුර මධ්‍යම දූෂණ මර්දන කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැටලීම කර ඇත.
පානදුර මධ්‍යම දූෂණ මර්දන කොට්ඨාසය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම මෙම අත්අඩංගුවට පත් සෙබළා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතා ප්‍රකාශ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Exit mobile version