බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ආසාදිතයන් රට වටෙන් හමුවේ…

කුරුණෑගල, මොනරාගල, යාපනේ නිවාඩු ගිය 04කට කොවිඩ් ආසාදිතයි....

මිනුවන්ගොඩ යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිටි නිවාඩුවට නිවෙස් බලා ගිය සේවිකාවන් 04 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාරතෙමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

මේ කාර්යමණ්ඩල සාමාජිකාවන් දෙදෙනෙක් කුරුණෑගල කටුපොතින් ද, එක් අයෙක් මොණරාගල මැදගමින් ද තවත් අයෙක් යාපනය වේලනෙයි ප්‍රදේශයෙන් ද හමු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට තුළ කොවිඩ් ආසාදිතයින්  විවිධ ප්‍රදේශවලින් වාර්තා වීම සංකීර්ණ තත්වයක් නිර්මාණය කරන බව සෞඛ්‍ය අංශ පවසයි.


Exit mobile version