ෂාෆ්ටර් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රයන් තෝමස්ගේ DNA පරීක්‍ෂණයට අධිකරණ නියෝග!

අභිරහස් ලෙස මරණයට පත්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ  මරණයේ විමර්ශන කටයුතු සදහා ඔහුගේ මිතුරෙකු වන හිටපු  ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ DNA පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (24) රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේය.

බ්‍රයන් තෝමස්…

අධිකරණ වෛද්‍ය සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය   මෙම නියෝගය නිකුත් කළාය.

දිනේෂ් ෂාෆර්ගේ මරණයට හේතුව හෝ හේතු සොයා බැලීම සඳහා මෙම විද්වත් කමිටුව පත් කරන ලදී.

අධිකරණය හමුවේ පෙනී සිටි කමිටුවේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු ෂාෆ්ටර්ගේ ජංගම දුරකථන පටිගත කිරීම් සහ වට්ස්ඇප් පණිවිඩ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව උක්ත නියෝගය නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


මහාචාර්ය අසේල මෙන්ඩිස්, මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා, මහාචාර්ය ඩී.එන්.පී. ප්‍රනාන්දු, වෛද්‍ය ශිව සුබ්‍රමනියම් සහ වෛද්‍ය රොහාන් රුවන්පුර යන කණ්ඩායම දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට සැබෑ හේතුව තීරණය කිරීම සඳහා පරීක්‍ෂණයක් පවත්වති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධිකරණ කටයුතු මැයි 8 වැනිදාට කල් තැබිණි.

Exit mobile version