බහුතර ඇමතිකම් ඉල්ලා පොහොට්ටුවෝ සර්ව පාක්ෂික ආණ්ඩුව අල කරති…

සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිවරු   පත් කිරීම සම්බන්ධව මෙතෙක් පොදුජන පෙරමුණ හා ජනාධිපතිවරයා අතර අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම් නිසා සර්ව පාක්ෂික ආණ්ඩුව හැදීම තව දුරටත් ප්‍රමාදවන තත්ත්වයක් උද්ගත වී ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව පසුගිය කාලය තුළ ජනාධිපති හා අගමැති එක්ව දේශපාලන පක්ෂ කීපයක් සමග සාකච්ඡා වට ගණනක් පවත්වනු ලැබීය.

මෙම සාකච්ඡාවල දී පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ බහුතරයක් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟත්වය පල කරන ලදි.

ජාතික ජන බලවේගය එම සාකච්ඡාවලට සහභාගී නොවූ අතර   සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවක ඇමතිධූර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.


මේ තත්ත්වය මත පක්ෂ වශයෙන් එක්නොවන්නේ නම් එම පක්ෂවලින් පැමිණෙන මන්ත්‍රීවරුන් එකතු කරගනිමින් සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තීරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව එලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවකට පක්ෂ  වශයෙන් හා පුද්ගලයින් වශයෙන් එක්වන කණ්ඩායම්වලට ඇමති ධූර ලබා දීමට එකඟ වී තිබිය දී පොදු ජන පෙරමුණ බහුතර ඇමති සංඛ්‍යාවක් ඉල්ලා සිටීම නිසා ඇමති මණ්ඩලය පිහිටුවීම තව දුරටතු ප්‍රමාද වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

 

Exit mobile version