බහුතරය නොලැබෙන ලකුණු…  21 පාර්ලිමේන්තුවේ දී විසි කිරීම සඳහා මහින්ද   එළිපිට වැඩට බසී ….

MAHINDA

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධව නිහඬව සිටි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ යළි ඊට මැදිහත් වීම නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයකගේ සහයෝගයක් ඊට නොලැබෙන තත්ත්වයක් උද්ගතව තිබේ.

පොදු ජන පෙරමුණේ බහුතරයකගේ සහයෝගය 21 වැනි සංශොධනයට නොලැබුණහොත් එයට පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරගැනීමට නොහැකි වනු ඇත.

නව සංශෝධනයට  සහයෝගය ලබා දීමට නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ද ඊට ඇතුළත් කළ යුතු බව මහින්ද රාජපක්ෂ පසුගිය දා පවසා තිබිණි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව නව සංශෝධනයට ඇතුළත් කළහොත්  ඒ සඳහා  ජන මත විචාරණයකින් අනුමැතිය ලබා ගත යුතු බව ව්‍යවස්ථා විශාරද නිතී අංශ පෙන්වා දෙයි.


මෙම අවස්ථාවේ දී 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළත් කරන්නේ ජනමත විචාරණයකට නොගොස් රටේ දේශපාලන ස්ථාවරත්වයත් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය මූලික වෙනස්කම් බව ඉතා පැහැදිලිව සාකච්ඡා කර තිබෙද්දී  මහින්ද රාජපක්ෂ විසින් ගොඩනගන මෙම අතාර්කික විරෝධය පසුපස සමස්ථ වැඩපිළිවෙළ කඩාකල්පල් කිරීමේ අදහසක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ වනවිට 21 වැනි සංශෝධනය  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු පොදු ජන පෙරමුණේ බහුතරය කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර මහින්ද රාජපක්ෂගේ මැදිහත්වීමෙන්  ආණ්ඩුව නියෝජනය කරන පොදුජන පෙරමුණේ ඇමතිවරුන් පවා 21ට විරුද්ධව චන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

 

Exit mobile version