බස්නාහිර රෝහල් සියල්ලම පාහේ පිරිලා- රෝහලේ මෙන් පස් ගුනයක් රෝගීන් සමාජයේ !

වෛද්‍ය සංගමය අනතුරු අඟවයි

කොළඹ ශ්‍රි ලංකා ජාතික රෝහල ඇතුළු බස්නාහිර සියලුම රෝහල් කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් පිරී ඇති තත්ත්වයක් පවතින මේ මොහොතේ සමාජයේ ගැවසෙන කොවිඩ් ආසාදියන් ප්‍රමාණය රෝහල්ගතව සිටින ප්‍රමාණය මෙන් පස් ගුණයක් විය හැකි බවත් රෝගය ව්‍යාප්ත වීම අවම කිරීම සම්බන්ධයෙන් දැඩි වගකීමකින් යුතුව අපට කටයුතු කළ යුතුව ඇති බවත් ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අවධාරණය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ යළිත් ඉතා ශිඝ්‍රයෙන් මේ වනවිට රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් පවතින අතර ඊට බොහෝ විට හේතු වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ දායකත්වය විය හැකි බවත් සඳහන් කළාය.

“ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය හැටියට අප මීට දින 10කට පමණ පෙර රටේ රෝගීන්ගේ වැඩිවීමක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟෙවෙවා අදාළ බලධාරීන්ට මේ බව ප්‍රකාශ කළා. නමුත් මේ පනිවිඩය කෙතරම් දුරට ගත්තද කියල අපට විශ්වාසයක් නැත්තේ රටේ ජනතාව පසුගිය දින කිහිපයේදී හැසුරුණු ආකාරය දුටුවාමයි.


මේ වැඩිවන රටාව අනුව ඉතා දරුණුවට යයි කියල පුරෝකථනය කරන්න වෙනවා. මේ ප්‍රමාණය ආවේ ඇල්ෆා ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියේ වේගවත් බව නිසා ඉතා වේගයෙන් රෝගය පැතිරෙන තත්ත්වයක් පවතිනවා. රෝහල් පද්ධතියට දරන්න බැරි තරමට දැනටම රෝගීන් පිරිලා.ඊට අනුකූලව අපි දන්නවා අඩු ආදායම් ලාබී රටක් ලෙස සියලුම අයගේ පී.සී.ආර් කරන්නේ නෑ.

අපි දැනුවත් වෙන්න ඕන හමුවී සිටින රෝගීන් වගේ පස් ගුණයක්වත් ඉන්න පුළුවන්. බොහෝ රෝගීන් සමාජයේ සිටිය හැකියි. අපි යථාර්ථවාදීව බලල ඊට මෙයට ගොදුරු නොවන්නේ කොහොමද කියල අවධානය යොමුකළ යුතුයි.

ඩෙල්ටා ප්‍රභේදයෙන් වැඩියෙන් රෝගය පැතිරෙන නිසා වැඩි රොගීන් සංකූලතා ඇති රෝගීන් සහ වැඩි මරණ සංඛ්‍යාවක් ඇතිවිය හැකියි. මූලිකවම අවුරුදු එක හමාරක් දෙකක් තිස්සේ කළ දේ කී දේ අමතක වෙලා. දැන් රාජකාරියට කාර්යාලට යනවා.

කාර්යාලවලට ගියාම එකට ආහාර ගැනීම වගේ දේවල්වලින් විශාල වශයෙන් බෝවන්න පුළුවන්. බොහෝ සෙනඟ පිරුණු බස්වලින් නම් බෝ වනවාමයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අසාධ්‍ය බවට පත්වීම වැලැක්වීමට එන්නත්කරණය අපි හැමෝම දන්නවා රජය ඉතා වේගයෙන් සිදු කරන එන්නත්කරණය අපි අගය කරනවා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාට කෘතඥ වනවා එන්නත්කරණයට හැමෝම යොමුවීම අත්‍යවශයයි. දෙවන එන්නත අරගෙන ටික දිනක් යනතුරු ආරක්ෂාවක් නෑ. දෙවන එන්නත හැමොම්ම ගිහින් ගන්න ඕන. මේ දිනවල මරණ අඩු කිරීම සහ අසාධ්‍ය වීම අඩුකිරීමට වයස අවුරුදු හැටට වැඩි අය නිධන් ගත රෝග පවතින අය වැඩියෙන් සැලකිමත් විය යුතුයි. විශේෂයෙන්ම මේ අවස්ථාව් සැලකිලිමත් වන්න. ඒ එක්කම ගර්භණී මාතාවන් ගැන කතා කළ යුතුමයි ඒ අයත් සැලකිලිමත් විය යුතුමයි.“ යනුවෙන් පැවසුවාය.

Exit mobile version