බස්නාහිර පළාතේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලක්ෂ 40ක සෞඛ්‍ය උපකරණ ප්‍රදානයක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස්නාහිර පළාතේ කෝවිඩ් රෝගී ප්‍රතිකාර උදෙසා රෝහල් 06කට බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාතේ ග්‍රාම සංවර්ධන සමිතිවල එකමුතුවෙන් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුල්‍ය අගයකින් යුතු උපකරණ පිරිනැමීම පසුගිය දා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාර රෝෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් සිදුවුණි.

හෝමාගම මූලික රෝහල, අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහල කළුතර මහා රෝහල, පානදුර මූලික රෝහල, ගම්පහ මහ රෝහල සහ වතුපිටිවල රෝහලට මෙම උපකරණ බෙදා දී තිබිණි.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් පී. සෝමසිරි, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජේ. ධර්මසේන, පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් චම්පා එන් පෙරේරා සහ පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්. එම්. දිනේෂා කුමාරි රාජපක්ෂ සහ රෝහල් අධ්‍යක්ෂවරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Exit mobile version