බලෙන් තියාගන්න කිසිම  අවශ්‍යතාවයක් නෑ..   සුළු පක්ෂවලට ඕන වෙලාවක ආණ්ඩුවෙන් ඉවත් විය හැකියි – අගමැති කියයි..

mahinda

නෝමන් පලිහවඩන –

වත්මන් ආණ්ඩුවට එක් වී සිටින සුළු දේශපාලන පක්ෂවලට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට අදහසක් ඇතිනම්  ඕනෑම මොහොතක  ඔවුන්ට එවැනි තීරණයකට එළඹිය හැකි යැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ ( 27)  පැවසීය.

ඔවුන් එසේ යෑමට අවශ්‍ය නම් බලහත්කාරයෙන් රඳවා ගැනීමට තමසන්ට කිසි ලෙස අවශ්‍ය නැති  බව අග්‍රාමාත්‍යවරයා කීවේය.

කොයි කවුරුන් ආණ්ඩුවෙන් ගියත් ආණ්ඩුව වැටෙන්නේ නැති බවත්  අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


සුළු පක් ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි සිහින මවන්නේ විපක්ෂය බව කී අග්‍රාමාත්‍යවරයා විපක්ෂයේ සමහරු සෑම විටම අසුබවාදී සෙ ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන සෙවිල්ලෙන් පසුවන බව ද අගමැතිවරයා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින –

 

Exit mobile version