බලු දඩයමේ ගිය පොලිසියෙන් 60 හැවිරිදි පුද්ගලයෙකුත් වෙඩි කයි…

දකුණු කළුතර පොලිස් ස්ථානයේ නිලධාරියෙකු විසින් ජලභීතිකාව වැලඳුන සුනඛයෙකුට එල්ල කළ වෙඩි පහරක් ඒ අසල සිටි පුද්ගලයෙකුටත් වැදී තුවාල සිදුව වූ පුවතක් අද දෙරණ වර්තා කරයි.

වෙඩි වැදුණු සුනඛයා ඒ ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී අතර එම වෙඩි පහරින් තුවල ලද පුද්ගලයා කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත. වෙඩි වැදී තිබුණේ එම ස්ථානයෙන් ගමන් ගනිමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකුටය.

වාර්තාවන පිරිදි සිද්ධිය මෙසේය.


ජලභීතිකාව වැළඳුන බව සැක කරන සුනඛයෙක් සම්බන්ධව පොලිසියට තොරතුරු ලැබී ඇත. මෙම සුනඛයා ප්‍රදේශයේ පුද්ගලයන් 10 දෙනෙක් සපා කා ඇතැයි පැමිණිලි ලැබී තිබී ඇත.

මේ අතර අද (27) උදෑසන 10.30ට පමණ ජලභීතිකාව වැලඳුන සුනඛයා දකුණු කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබී තිබේ.

ඒ තොරතුරු ඔස්සේ ගිනි අවිත් රැගෙන බලු දඩයමේ ගිය පොලිස් නිලධාරීන්ට බල්ලා හමු වී ඇත. එහි දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සුනඛයායට වෙඩි තබා තිබේ. සුනඛයා එම ස්ථානයේම මිය ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වෙඩි පහර ඒ අසල සිටි පුද්ගලයෙක් වෙත ද එල්ල වී තිබේ. වෙඩි වැදුණු 60 හැවිරිදි පුද්ගලයා රෝහල් ගත කර ඇති බවත් එම සිදුවීම පිලිබඳව කළුතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් වැඩි දුරටත් වාර්තා වේ.

Exit mobile version