බලාපොරොත්තු නොවූ ඛේදවාචකයක්… සිය ගණනක් අතුරුදන් කාන්වන් ගැන විමසීම් ගලා එයි…

වේල්ල වීදියේ කාන්තා සිරුර ගැන තොරතු ගන්නට ප්‍රකාශ කළ දුරකථන අංකයෙන් අතුරුදන් වූ කාන්තාවන් රැසක් ගැන තොරතුරු විමසීම්

කොළඹ වේල්ල වීදියේ ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර පිළිබඳව තොරතුරු විමර්ශනය කරන පොලිසිය ඒ හා සම්බන්ධ යම් තොරතුරක් වේ නම් දන්වන ලෙස ඊයේ දිනයේ ප්‍රකශයට පත් කළ දුරකථන අංකයට මේ වනවිට කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි කාන්තාවන් රැසක් පිළිබඳව චායාරූප සහ තොරතුරු ගලා එන්නට පටන්ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තම තරුණ දියණිය පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා දෙමාපියන් සේම තම තරුණ බිරිඳ පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි සැමියන්ද අදාල කාන්තාවන්ගේ ඡායාරූප සහිතව තොරතුරු මෙම දුරකථනය අංකයට වට්ස් ඇප් වෙත මේ අයුරින් එවා ඇත.

ඊයේ දහවල්  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍යයට නිකුත් කළ වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0718 591 557  අංකය ප්‍රකශයට පත්කොට කෙටි වෙලාවක්‍ තුළ මෙසේ මෙවැනි කාන්තාවන් පිළිබඳ තොරතරු වැලක් පොලිසියට පැමිණ ඇත.


එම තොරතුරු, මෙම සමාජයේ තවත් සැඟවුණු ඛේදවාචකයක ප්‍රකාශනයක් බව මේ පිළිබඳව ලංකාසරට තොරතුරු කරුණු දැක්වූ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වේල්ල වීදියෙන් හමුවූ සිරුර සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර මෙසේ තොරතුරක් නොමැති බවට වාර්තා කර ඇති මෙම කාන්තාවන් පිළිබඳව ඉදිරියේදී වෙනම විමර්ශන ආරම්භ කිරීමට සිදුවනු ඇති බව මේ පිළිබඳව අදහස් පළ කළ එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version