බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!

සෑම වහලක්ම විදුලි ජනනය කරන බලාගාරයක් කරන්න... හෝටල් රෝහල් රාජ්‍ය ආයතනවලින් වැඩ ඇරෙඹයි...

solar112

කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මක් 2022 ජූනි 01 දින සිට ක්‍රියාත්මක කරන  බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය කංචන විජේසේකර  පෙන්වා දුන්නේ විදුලිබල උත්පාදනය සඳහා මසකට ඉන්ධන බිල ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවා ඇති බැවින් මෙම තින්දුව ගැනීමට සිදුවූ බවය.

විදුලිය  ඒකකයක් නිෂ්පාදනය සඳහා සාමාන්‍ය පිරිවැය රුපියල් 48 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු   පැවසීය.

මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යවරයා  පහත කඩිනම් විසඳුම් 02  දක්වයි.


  1. කර්මාන්ත, රජයේ ආයතන,  රෝහල්, හෝටල් සහ හැකි සෑම  වහළ අවකාශයක්ම   සූර්ය බලය ජනනය සඳහා පරිවර්තනය කළ යුතුය. ඉදිරියේ දී යෝජිත විදුලි බිල සංශෝධනයත් සමග මෙම ආයතනවල විදුලි බිල තුන් ගුණයකින් ඉහළ යෑමට නියමිතය.  එබැවින් වත්මන් මාසික විදුලි බිල  ඔවුන්ට සූර්යකෝෂ සඳහා  ආයෝනය කළ හැකිය. සූර්ය කෝෂ සඳහා සූර්ය බලශක්ති සමාගම්වලට මාසිකව ගෙවීම් කරමින්    ඔවුන්ගේ විදුලිබිල මෙන්ම ජාතික විදුලිබල  පද්ධතියේ පීඩනය ද අඩු කළ හැකිය.   විදුලිබල මණ්ඩලයට   ජල හා තාප බලාගාර කළමනාකරණය කරමින් උත්පාදන පිරිවැය අඩු කිරීම සඳහා රාත්‍රි කාලය තුළ ක්‍රියාත්මක විය හැකිය
  2. යෝජිත ව්‍යාපෘති සඳහා සාධාරණ  ගාස්තු සංශෝධනයක් සමඟින් ඒවා ක්‍රියාත්මක කිරීමට වහාම තාවකාලික අනුමැතිය ලබාදිය යුතුය.  අනුමැතිය නිකුත් කිරීමෙන් පසු, ව්‍යාපෘති ආයෝජකයාගෙන් ලැබෙන   ආයෝජනය සමඟින් විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SEA)   සම්ප්‍රේෂණ මාර්ග සහ ජාල ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා ආයෝජකයා සමඟ කටයුතු කළ යුතුය. මෙම ව්‍යාපෘති වේගවත් කාල රාමුවක් තුළ සිදුවිය යුතුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තාක්ෂණික හා මූල්‍ය ඇගයීම්වලින් පසුව තෝරාගත් පුනර්ජනනීය ව්‍යාපෘති සඳහා මහා පරිමාණ ආයෝජනයන්ට    ද  ඉඩ සැලසෙන බව ද අමාත්‍ය කංචන විජේසේකර   අනාවරණය කළේය.

 

 

 

 

Exit mobile version