බරපතල ගෑස් පිපිරීමක්… නිවෙසක් විනාශයි… ජීවිත රැසක් අනූ නවයෙන් බේරෙයි…

කිර්ති ප්‍රනාන්දු –

ගෑස් පිපිරීමක් හේතුවෙන්  මිනුවන්ගොඩ යකහටුව ප්‍රදේශයේ නිවසක් ඊයේ (23) රාත්‍රිෙය් ගිනිගෙන    විනාශ වී තිබේ.

උත්සව භාණ්ඩ සහ සැරසිලි කුලියට ලබාදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මෙම නිවසේ එම කොටසට ඇවිලී ඇති ගින්න හේතුවෙන් රුපියල් ලක්ෂ 75කට අධික වටිනාකමක් සහිත භාණ්ඩ විනාශ වී ඇති බව ගෙහිමියෝ කියති.

ඊයේ රාත්‍රියේ 8.30ට පමණ මෙම පිපිරීම සිදුවී ඇත්තේ යකහටුව ග්‍රෑන්ඩ් විව් වත්තේය.  ඒ අවස්ථාවේ දී නිවැසියන් ගෙදර සිට නැත. නිවස තුළින් පිපිරීම් සද්දයක් ඇසී  අසල්වැසියන් බලන විට නිවස ගිනි ගන්නා බව දැකීමෙන් පසු පිරිස ගින්න නිවීමට මැදිහත් වන අතරම නිවෙස් හිමියාට ඒ බව දැනුම් දී තිබේ.


නිවෙස් හිමි මංජුල බාලසූරිය සිද්ධිය පිළිබඳව කීවේ මෙවැන්නකි.

“ බිරිය ඇතුළු නිවසේ පිරිස ඒ වෙනකොට හිටියෙ ගම්පහ අපට අයත් ව්‍යාපාරික ස්ථානයෙන් එන ගමන්. ගෙදර හරකෙක් ඉන්නවා. මා හරකා බැඳලා ඉන්න තැනින් රැගෙන එන්න  ගිහින් හිටියෙ.

එසේ ඉන්නකොට මිනිස්සු කෑ ගහලා කිව්වා නිවස ගිනි ගන්නවා කියලා. මමත් දිව්වා එතෙන්ට.  වටේ පිටේ කට්ටිය එකතු වෙලා ගිනි නිවන හමුදාව එනකොට ගින්න නිවලා දැම්මා.  අප උත්සව භාණ්ඩ සහ සැරසිලි කුලියට ලබා දීමේ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ සැරසිලි සියල්ල විනාශයි. පාඩු  ලක්ෂ 75ක් විතර වේවි. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන්  මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් ඔවුන් පැමිණ  පරීක්ෂා කර විමර්ශන කණ්ඩායමක් එවන බවට දැන්වූ බවත් නිවෙස් හිමියන් පැවසුවේය.

Exit mobile version