බරපතල අවදානමක ඇති කොළඹ මහල් නිවාසවල පිහිටි නිවාස ඒකක 908ක් හඳුනාගෙන!

කොලොන්නාවේ අවදානම් ගොඩනැගිල්ලක පදිචි පුද්ගලයින් ඉවත් කිරීමට පියවර...

සුළු භූ කම්පන තත්ත්වයකට හෝ ඔරොත්තු දිය නොහැකි මහල් නිවාසවල පවතින අතිශය අවදානම් තත්වයේ පවතින නිවාස ඒකක   ඒකක 908ක් කොළඹ ආශ්‍රිතව පවතින බවට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සිදුකළ සමීක්ෂණයකින්  අනාවරණය කරගෙන තිබේ.

නිවාස සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව, කම්කරු දෙපාර්තමේන්තුව, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ස්වාධිපත්‍ය කළමණාකරණ අධිකාරිය යටතේ පාලනයවන  මෙම මහල් නිවාස  තිඹිරිගස්යාය, කොළොන්නාව, රත්මලාන, මොරටුව සහ කොළඹ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටා ඇත.

අවදානමට ලක්වී ඇති මෙම නිවාස ඒකක අතර  කොළඹ නිවාස ඒකක 420ක්, තිඹිරිගස්යායේ නිවාස ඒකක 120ක් ,කොළොන්නාවේ නිවාස ඒකක 60ක්, මොරටුවේ නිවාස ඒකක 307ක් සහ රත්මලානේ එක් නිවාස ඒකකයක්  වේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සිදුකරන සමීක්ෂණයේ තොරතුරු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට ලබා දීමට පියවර ගන්නා අතර විද්‍යාගාර පරීක්ෂණයකින් අනතුරුව මෙම ගොඩනැගිලි ගැන අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.


මේ අතර වර්ෂ 2017 වසරේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අවදානම් සහගත ගොඩනැගිල්ලක් ලෙස නම් කළ කොළොන්නාව ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීරණයක සිටින පුද්ගලයින් ඉන් ඉවත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ –

Exit mobile version