බඳපටියේ සඟවන් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ඇද්ද බන්ධනාගාර නිලධාරියෙක් කොටු වේ…

නිල ඇඳුමේ බඳ පිටිය තුළ රහසිගතව රඳවා බෝගම්බර දුම්බර බන්ධනාගාරය තුළට හෙරෝයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය   රැගෙන යාමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරෙයකු බන්ධනාගාර නිලධාරීන් විසින් අද (07) අත්අඩංගුවට ගනු ලැබුවේය.

වසර 08 ක සේවා කාලයක් ඇති මෙම නිලධාරියාව බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසලදී බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂාවට ලක්කර තිබෙන බවත් එම අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරෝයින් මත්කුඩු ග්රෑම් 03ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 03 ක් හා කේරළ ගංජා සොයාගත් බව බන්ධනාගාර කොමසාරිස් , බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍යය රැගෙන යාම පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින්ම නිලධාරීන්ව පරීක්ෂාවට ලක්කරන බවත් එලෙස සිදුකළ පරීක්ෂාවකදී මෙම නිලධාරියා මත්ද්‍රව්‍ය සමඟ අසුවී තිබෙන බවත් ඔහු පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මත්ද්‍රව්‍යය සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා පල්ලේකැලේ පොලීසියට බාරදී ඇති අතර වැඩි දුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version