අභියාචනා නඩු අහන්න නව අධිකරණ 04ක්…

1998ට පෙර මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ගේ දඬුවම් ලිහිල් වේ...

බන්ධනාගාරගත කළ සිර දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන්ගේ අභියාචනා කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා නව අභියාචනා අධිකරණ 04ක් ඉතා කඩිනමින් ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි බන්ධනාගාර කළමනාකරණය හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය  නිවේදනය කරයි.

මේ සම්බන්ධව අධිකරණ අමාත්‍ය අලි සබ්රි හා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මූලික සාකච්ඡා වටයක් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පවත්වා ඇත.

මේ සාකච්ඡාවේ දී වර්ෂ 1998න් පසු මරණීය දණ්ඩනය  හා ජීවිතාන්ත සිර දඬුවම නිමය කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් බන්ධනාගාර ව්‍යවස්ථාපිත නීති  සංග්‍රහයේ 40 වගන්තිය අනුව සිව් වසරක සමාලෝචන වාර්තා අනුව දඬුවම ලිහිල් කිරීමට සාකච්ඡා වී තිබේ.


එ‍මෙන්ම ඉහත ඛාණ්ඩයට අයත් සිරකරුවන් වෙත විශේෂ ජනාධිපති සමාවක් යටතේ මරණීය දණ්ඩනය  ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කිරීමට ද එම සාකච්ඡාවට අන්තර්ගත වී ඇත.

තවද මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධව සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට    කටයුතු කිරීම,  බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සිරකරුවන් විධිමත් පුනරුත්ථාපන ක්‍රමවේදයක් වෙත යොමු කිරීමට අදාලව මෙහිදී අවධානයට යොමු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින බන්ධනාගාර පද්ධතිය යාවත්කාලීන විය යුතු බැවින් කොළඹ බන්ධනාගාර පරිශ්‍රය විතැන් කර හොරණ ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත නවීන අංගවලින් සමන්විත බන්ධනාගාර පද්ධතිය ඉදිකිරීම කඩිනම් කිරීමට මේ සාකච්ඡාවේ දී අවධානය යොමු වී ඇත.

Exit mobile version