ලලිත් චාමින්ද –
බන්ධනාගාරය තුළ දුම්කොළ ජාවාරම කිරීම සඳහා දුම්කොළ සුරුට්ටු 80ක් ගිලදමා ගෙන බන්ධනාගාර ගතවු රැදවියකු මළ පහකරවිමෙන් පසු එම දුම්කොළ සුරුට්ටු 80 ලබාගත් බැව් අගුණුකොළපැලැස්ස බන්ධනාගාර කාර්යාලය පවසයි.
බන්ධනාගාර තුළ දුම්කොළ සුරුට්ටුවක් රුපියල් තුන්දහසක මුදලකට අලෙවි වන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
මෙකී රැඳවියා දුම්කොළ දඩු අඩුවකට දමා කුඩාකොටස්වලට තලවාගෙන ඉන් කැබලි 80ක් ගිල දමා තිබුණි. මොහු බන්ධනාගාරගතවිමේ අරමුණින්ම මෙම ක්රියාව සිදුකොට තිබු බවද පැවසේ. මොහු ගංජා සුරුට්ටුවක් පානය කරමින් සිටියදි පොලිසිය මගින් විරවිල ප්රදේශයේ දි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට තිබුණි. ඇප ලබාදිම සඳහා කිසිවෙකු ඉදිරිපත් නොවු නිසා මොහු බන්ධනාගාර ගතකොට ඇත.
මෙකි රැදවියා පිළිබද අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරි නිමල් ශාන්තට ලද තොරතුරකට අනුව ඔහු බන්ධනාගාරයෙන් පිටත ප්රධාන දොරටුව අසල සිරමැදිරියක රඳවා තැබිමට කටයුතු කරනු ලැබිය.
පසුව බන්ධනාගාර නිලධාරින්ගේ අධික්ෂණය යටතේ මෙකි රැදවියාට මළ පහකිරිමට සලස්වා දුම්කොළ සුරුට්ටු 80 ලබා ගැනිමට කටයුතු කරනු ලැබ ඇත.