බදියුදීන් සුපිරි මහල්නිවාස සංකීර්ණයට ඇතුළු වුනේ බුර්කා ඇඳගෙන ද?

රිෂාඩ් බදියුදින් අත්අඩංගුවට පත් වූ දෙහිවල එබනයිසර් පෙදෙසේ විශේෂ ආරක්ෂා විධි විධාන සලසා ඇති සුපරි නිවාස සංකීර්ණයට ඔහු ඇතුලු වුන ආකාරය පිළිබඳ පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

මෙම නිවස ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක් බව වාර්තා වේ. ඔහු මෙම නිවසට පැමිණ ඇත්තේ දෙහිවල කලුබෝවිල ප්‍රදේශයේ වෛද්‍යවරියකට අයත් නිවසක සිටය. එම වෛද්‍යවරිත් ඇයගේ ඉංජිනේරුවෙක් මෙන්ම ටියුෂන් ගුරුවරයෙක් ලෙස ද කටයුතු කරන සැමියාත් මේ  වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

අත්අඩංගුවට පත්ව සිටින වෛද්‍යවරියට අයත් කළුබෝවිල නිවසේ දින හතරක් ගත කර ඉන් අනතුරුව මෙම නිවාස සංකීර්ණයට හිටපු අමාත්‍යවරයා පැමිණ ඇති බවත් බ්‍රස්පතින්දා හෝ සිකුරාදා බවත් විමර්ශන අංශ කියයි.


මීට දින දෙකකට පෙර වාහන කීපයකින් පැමිණි බුර්කා ඇඳ ගත් පිරිසක් මෙම නිවාස සංකීර්ණයට ඇතුළු වී යැයි තොරතුරක් ලැබී තිබිණි.

මේ වනවිට නිශ්චිත තොරතුරක් සොයා ගැනීම සඳහා ආයතනයේ සී.සී.ටී.වී  දර්ශන විමර්ශනය කරමින් ඇතැයි පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට පත්වන්නේ දුරකථන සංඥා විශ්ලේෂණයෙන් ලද නිශ්චිත තොරතුරු මත බව උදෑසන රහස් පොලිසිය කීවේය.

Exit mobile version