බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“බටලන්දේ වධකයින් ගැන ඇසින් දුටු සාක්ෂිකරුවන් ඇතුළු සියලු සාක්ෂි අපි ලඟ තියනවා… විමර්ශන පටන් ගන්න… පෙරටුගාමීන් ආණ්ඩුවට කියයි!”

by editor
මාර්තු 24, 2025
in පුවත්
batalanda
Share on FacebookShare on Twitter

බටලන්ද කොමිෂන් සභාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නේ නම් ඕනෑම අවස්ථාවක එම විමර්ශනයට ඉදිරිපත් වී සාක්ෂි දීමට සූදානම් බටලන්දේ අපරාධ ඇසින් දුටු සාක්ෂිකරුවන් මෙන්ම වින්දිතයින් ද තමන් සමග සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේය.

මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ අදාල නෛතික ප්‍රතිපාදන සම්පාදනය කර විමර්ශනය ආරම්භ කිරීම බවය.

ඔහු මාධ්‍යයට පැවසුවේ මෙවැන්නකි.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18/3 වගන්තියේ සඳහන් වෙනවා කොමිෂන් සභාවක් විසින් යම් අයෙක් වැරදි කරුවෙක් වැරදි කරු කියලා තහවුරු කරලා තියනවා නම් ජනාධිපතිවරයාට බලය දීලා තියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එක්කො පාර්ලිමේන්තු අනුමැතියක් සහිතව අදාල පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ඇතුළු අනෙකුත් දඬුවම් ලබා දීම සඳහා.”

“ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලය ලබා දීලා තියනවා පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධව අපරාධ නඩු අධිකරණය ඉදිරියේ පැවරීම සඳහා.”

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ඒ වගේම කොමිෂන් සභා වාර්තාවේ අවසාන නිර්දේශයක් ලෙස තියනවා මේ කොමිසමට ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ බලයක් නැති බැවින් යම් කොමිෂන් විසින් පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දීම සඳහා ව්‍යුහාත්මක වෙනසකමක් කරන්න කියලා.”

“කොමිසම මේක නිර්දේශ කරලා අවුරුදු 25ක් ගිහින් තියනවා. තාමත් පාර්ලිමේන්තුව නීතියක් සම්මත කළේ නෑ පුරවැසි භාවය ආහෝසි කිරීම සඳහා ප්‍රජා අයිතිය අහෝසි කරන නීතිමය ප්‍රතිපාදන දීලා. ”

“ඉතින් මේ ආණ්ඩුවට 159ක් ඉන්නවා මන්ත්‍රීවරු. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉන්නවා. දැන් නීතියක් සම්මත කරන්න පාර්ලිමේන්තුවේ. ශ්‍රේෂ්ඨාධිකරණයට බලය දෙන්න කොමිෂන් සභාව විසින් නිර්දේශ කරන අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න. ඒ බලය දීලා ප්‍රජා අයිතිය අහෝසි කරන්න.”

“අපිට තියෙන්නෙ අතීතයෙන් පලි ගැනීමේ චේතනාවක් නෙමෙයි. අනාගතයේ දී මේ වගේ සිද්ධි වෙන එක නවත්වන්න නම් අතීතයේ සිද්ධවෙච්චි මේ වගේ දේවල් ඉඳලා නවත්වන්න ඕන. ”

“අපට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ඇසින් දුටු සාක්ෂිකරුවන් ඇතුළුව අපි ලඟ ඉන්නවා ඒවට මැදිහත් වෙන්න පුලුවන් සාක්ෂි දෙන්න පුලුවන් සියලු තොරතුරු අපි ගාව තියනවා. අපි ඒවා දෙන්න සූදානම් ඕනෑම තැනකට. ”

“අපි ලිඛිතව දැනුම් දුන්නෙත් ඒකයි. විමර්ශනයක් ආරම්භ කරන්න. අපි ලෑස්තියි විමර්ශනයට සහය දෙන්න.” පුබුදු ජයගොඩ පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෙවිනුවර ද්විත්ව ඝාතනය – කුඩුකාර මිතුරාගේ පවුවලට ජීවිතයෙන් වන්දි ගෙවූ අහිංසක තරුණයෙක්…

Next Post

නයිට් ක්ලබ් ගුටි කෙළිය – යෝෂිතගේ මැරයින් අත් අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් දෙකක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.