බංග්ලාදේශයේ සිදුවන හින්දූන් ඝාතනයට එරෙහිව ජනතාව පාරට බසියි

bangladesh

බංග්ලාදේශයේ දිගින් දිගටම සිදුවෙන හින්දු ගුරුවරුන් ඝාතනය කිරීම, හින්දු කාන්තාවන් දූෂණය කිරීම හා හින්දු ප්‍රජාවට එල්ල වෙන ප්‍රහාරයන් හෙළා දකිමින්, ඊට විරෝධය පළ කරමින් පසුගිය සිකුරාදා විරෝධතා පා ගමනක් පැවැත්විණි.

නාරායිල් සහපාරා හි හින්දුන්ට එල්ල වෙන මිලේච්ඡ රැඩිකල් ජිහාඩි ප්‍රහාරයන්ට විරෝධය පළ කරමින් ෂාබාග් ඇතුලුව රට පුරාම විවිධ හින්දු සංවිධාන සාමකාමී විරෝධතාවයන් ද මෙදින පැවැත්වූහ.

ජූලි 15 වැනිදා සහපාරා ප්‍රදේශයේ දී හින්දු සුළු ජාතීන්ගේ නිවාස ගිනි තබා තිබිණි. ඒ අතරම 18 හැවිරිදි සිසුවෙකුගේ නිවස ඉදිරිපිට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් උද්ඝෝෂණය කළේ එම තරුණයා සිය ආගමික අදහස් ෆේස්බුක් හි පළ කිරීම හේතුවෙනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙලෙසින් හින්දූන් සිදුවෙන අසාධාරණකම් සම්බන්ධයෙන් මීට පෙර අදහස් දක්වා තිබූ බංග්ලාදේශයේ ජාතික මානව හිමිකම් කොමිසම පවසන්නේ ‘අනාගමික රටක’ ප්‍රචණ්ඩත්වය කිසිදු තත්ත්වයක් යටතේ පිළිගත නොහැකි බවයි.

Exit mobile version