පෝටි සිටියේ පූර්ණ බලය කොමිසමක් අතට

කොළඹ වරාය නගරය සඳහා අදාළ වන විශේෂ පනතක් මේ වනවිට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව එම වපසරියේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලය සහිත විශේෂ කොමිසමක් ස්ථාපනය කිරීමට යෝජනා වී ඇත.

සාමාජිකයන් 05ත් 07ත් අතර සංඛ්‍යාවකින් යුතු වන මෙම විශේෂ කොමිසමට කොළඹ වරාය නගරයේ සියලුම ඉඩම් අයත් වන අතර මෙම කලාපය තුළ යටිතල පහසුකම් සේම ආයෝජකයන්ට අනුමැතීන් ලබා දීම ඇතුළු අදාළ කටයුතු සලසා දීමේ වගකීම ද හිමිවෙයි.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසම පනත (Colombo Port City Economic Commission Act) ලෙසින් හඳුන්වනු ලබන මෙම විශේෂ පනත මඟින් වරාය නගරය තුළ සිදු කෙරෙන ආයෝජන සහ ව්‍යාපාර කටයුතු සඳහා පසුකම් සපයන ආයතනයක් හඳුනා ගැනීමට නියමිත අතර එහිදී මේ සඳහා අදාළ වන ආයතන නියෝජිතයන් සියල්ල එකට ඒකරාශි කරන ලද තනි නැවතුම් ස්ථානයක් ස්ථාපනය කිරීමට යෝජනා වී ඇත.


එමෙන්ම විශේෂ ආර්ථික කලාපය තුළ ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන්ද නියාමනය සහ සහන ලබා දීම සම්බන්ධයෙන් විශේෂිත ආයතනයක් ස්ථාපනය කිරීමට මෙම කොමිසම මඟින් කටයුතු කරනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යෝජිත කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබීමට නියමිත අතර එහිදී ආයෝජනය, ජාත්‍යන්තර වෙළෙඳාම, නීතිය, තොරතුරු තාක්ෂණය, මූල්‍ය ක්ෂේත්‍රය ඇතුළු විශේෂඥතාවක් සහිත ක්ෂේත්‍රවල ප්‍රවීණයින් පත් කළ යුතු බවටද මෙම පනත මඟින් යෝජනා කොට ඇත.

Exit mobile version