ගිය ආණ්ඩුව පෝට් සිටිය චීනෙට දෙන්න ගිය හැටි ගැන ඇමති අලි සබ්රිගෙන් හෙළිදරව්වක්

කොළඹ වරාය නගරය සඳහා පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සකස් කරන ලද යෝජනාවේදී එම කලාපය කොළඹ නගර සභාවෙන් වියුක්ත කිරීමටත් වරාය නගරය වෙනුවෙන් නිර්මාණය කරන අලුත් සමාගමේ කොටස්වලින් සියයට 51ක් චීනයට ලබා දීමටත් සැලසුම් කර තිබූ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පැවසීය.

අද (20) වරාය නගරය ආර්ථික කොමිසම පනත පිළිබඳව පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අලි සබ්රි මහතා සඳහන් කලේ මෙම යෝජනාව සහිත ලියවිල්ල ඔවුන් නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර ඇති බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අලි සබ්රි මහතා මෙසේ ද පැවසීය.


2014 මේ ගොල්ල විපක්ෂේ ඉඳන් මොකක්ද කීවේ? අපි මේක වහල චීන ගෙදර යවනව කීවා.බලයට ආවට ව්‍යාපෘතිය නැවැත්වුවා. පස්සේ එක ඩොලර් 130 සිට කොරෝනා, පාස්කු ප්‍රහාරය නැතිවම වසර දෙකක් යනවිට 180ට ඉහළ ගියා. . ආයෝජනය නැති කරල තිබුණා. නැවත චීනෙ එක්ක සාකච්ඡා කළා. තිබුණාටත් වඩා වැඩි ප්‍රමාණයක් දෙන්න කතා කළා. එ අනුව සකස් කළ ව්‍යාපෘති යෝජනාව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා නීතිපති තුමා වෙත යවන ලිපියක් යවනවා. ඒ අනුව වරාය නගරය පාලනය කරන සමාගමේ සියයට 51ක බලයක් වි‍දේශිකයන්ට ලබා දීමට. වරාය නගර බූමියේ විශේෂිත ආරථික කලාපය ආයෝජන දිරිගැන්වීම සහ ව්‍යාපාර පහසුකරණය සඳහා මෙම කලාපයේ බලය කොළඹ මහ නගර සභාවේ පාලනයෙන් තොරව සිදු කළ යුතුයි කියල යෝජනා කරනවා. ඒ වගේම ඔවුන් යෝජනා කරනවා මෙම කලාපය පාලනයට හදන පෝට් සිටි කලම්බු ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ කොටස්වලින් සියයටට 51 චීන සමාගමට දෙන්න. පුදුමයි ඒ අයට දැන් ඒක අමතක වෙලා.“

ඔහු තවදුරටත් පැවසුවේ මෙවැනි ව්‍යාපෘති ලෝකයටවත් ශ්‍රි ලංකාවටවත් අලුත් දේවල් නොවන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ලෝකයේ රටවල විශේෂ ආර්ථික කලාප තිබෙනවා. ලෝකයේ තිබෙනවා. ඩුබායි, සිංගප්පූරුවේ වගේම චිනයේත් මෙවැනි දේවල් තිබෙනවා. ලෝක බැංකු වාර්තාවලට අනුව මෙවැනි විශේෂ ආර්ථික කලාප 5383ක් ලෝකයේ තිබෙනවා. අපි තරග කරන්නෙ දකුණු කොරියාව, මැලේසියාව, ඩුබායි එක්ක. “ යයිද ඔහු එහිදී පැවසීය.

Exit mobile version