“පෝට් සිටියේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළත් ආරක්ෂක වැඩපිළිවෙළක් ඕනෑ “

ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ විද්වත් ආයතනයක් කියයි

කොළඹ අලුතින් ඉදිකෙරෙන වරාය නගරය ව්‍යාපෘතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ගිනි නිවන හමුදාව ඇතුළු අදාල සියලුම අධිකාරි ආයතනවල ඒකාග්‍රතාවය සහිත ජාතික ආරක්ෂාව සහිත වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජාතික ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ආයතනයෙහි විශේෂඥයෝ පෙන්වා දෙති.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති විද්වත් ආයතනයක් වන ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ විද්වතුන් මේ අදහස් පළ කළේ පසුගියදා කොළඹදී පැවති වරාය නගරයේ නීති පද්ධතිය පිළිබඳ යෝජනා පිළිබඳ සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවට මීට සම්බන්ධ විවිධ පාර්ශ්ව සහභාගි වී ඇති අතර එය මෙම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය කළමනාකරණ සහ මහජන පවිත්‍රතා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එස්.කේ.පී. දේවරාජා මහත්මියගේ මෙහෙයවීම යටතේ පවත්වා ඇත.


ඊට සහභාගි වූ විද්වතුන් පෙන්වා දී ඇත්තේ යෝජිත වරාය නගරය තුළ පවතින යටිතල පහසුකම්, පරිසර සංරක්ෂණ ක්‍රමවේද මහජනතාව සඳහා විවෘත ප්‍රදේශ ආදිය පිළිබඳව එහිදී සාකච්ඡා වී ඇති අතර මෙම යටිතල පහසුකම් එම කලාපයේ සිදු කරන ව්‍යාපාර මෙහෙයුම් ආදිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ජාතික ආරක්ෂාව පසුබිම් කරගෙන ඊට අදාළ ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට බොහෝ දෙනෙක් මත පළ කර ඇත.

එමෙන්ම මෙහිදී රාජ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් දේවරාජා මහත්මිය සඳහන් කර ඇත්තේ මෙම වරාය ව්‍යාපෘතිය හුදෙක් ඉඩම් කට්ටියක් ලෙසින් නොව මෙය විශේෂ පහසුකම් සහිත ගැලපෙන ප්‍රතිපත්ති සහ භාවිතාවන් සහිත කලාපයක් ලෙස සලකා අදාළ තීන්දු තීරණ ගත යුතු බවයි.

එහිදී තවත් සාකච්ඡාවට ලක්ව ඇති කරුණක් වන්නේ දියකඩනයේ වගකීම ආරක්ෂාව සහ නඩත්තු මෙහෙයුම් සඳහා විශේෂ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳවයි.

දැනට එවැනි අවශ්‍යතාවයක් නොමැති නමුත් මෙවැනි විශාල ව්‍යාපෘතියක දී එවැනි ආයතනයක අවශ්‍යතාවයක් පවතින බවද එහි දී සාකච්ඡා කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සාකච්ඡාවේ දී අදහස් දැක් වූ විද්වතුන් අතර හිටපු ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කමල් රණතුංග, Need solutions ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කමාන්ඩර් ඩීවීසීවී සෝලිස් ඇතුළු පිරිසක් සහභාගී වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version