පොහොට්ටු මන්ත්‍රී ගේ මැර ප්‍රහාරයට එරෙහිව මහනුවර වෛද්‍යවරු අද වර්ජනයක

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු විසින් පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරියකුට සිදු කළ මැර ප්‍රහාරය සම්න්ධයෙන් මේ වනතුරුත් නිසි නීති පියවරක් නොගැනීමට විරෝධය පළ කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ම රෝහල්වල වෛද්‍යවරුන් අද පෙරවරු 8 සිට 12 දක්වා සංකේත වර්ජනයක් යෙදෙන බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැසසීය.
මෙම ප්‍රහාරය සිදුව ඇති බවට වාර්ත වූයේ පසුගිය 17 වැනිදා මධ්‍යම පළාත් සෞඛ්‍ය කාර්යාලයේදීය. එහිදී මැණික්හින්න රෝහගෙල් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඉරංග මධුෂාන් ප්‍රහාරයට ලක්වූ අතර මේ සම්බන්ධයෙන් ඔහු මේ වනවිට මහනුවර පොලිසියේ විවධ පැමිණිලි ඒකකයට මෙම පැමිණිල්ල යොමු කොට ඇත.
එසේ වුවද පළාත් සෞඛ්‍ය කාර්යාලයෙන් හෝ නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනවලින් අදාළ මන්ත්‍රිවරයා විසින් සිදු කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් මෙසේ මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

Exit mobile version