පොහොට්ටු මන්ත්‍රී ඇප පිට නිදහස් – නුවර දොස්තර වර්ජනය ඉවරයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත ( වමේ) දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඉරංග

කුණ්ඩසාල ප්‍රාදේශිය සභාවේ පොහොට්ටු මන්ත්‍රිවරයා විසින් මැණික්හින්න දිස්ත්‍රික් වෛද්‍යවරයාට පහර දුන්බව කියන සිද්ධියට සැක පිට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සමන්ත පෙරේරා   ශරිර ඇප දෙකක් සහ රුපියල් පහළොස්දහසක දඩමුදලක් ගෙවිමෙන් පසු ඇප මත නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේදි ඉකුත් බදාදා මෙම පහර දිම සිදු කල බව කියමින් දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි  ඉරංග මධුෂාන්   මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි  ඒකකයට පැමිණිල්ලක් කර තිබිණි.

ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක නොවු බැවින්  මුලින්ම, මැණික්හින්න රෝහලේ වෛද්‍යවරු සේවයෙන් බැහැර වී සිටිමට තිරණය කළහ.  රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව ඉන්පසු මහනුවර දිස්ත්‍රික්කයේ සියළු ම රෝහල්වල සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කළේය. අද (21)  පෙරවරු 8 සිට 12 දක්වා එම සංකේත වැඩ වර්ජනය පැවැත්විනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්වය මත  මන්ත්‍රිවරයා ඊයේ 21දා පෙරවරුවේ මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට ඉදිරිපත් වූයේය. සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ වී තිබේ.

 

Exit mobile version