පොහොට්ටු මන්ත්‍රිලාට නවාතැන් දෙන්න තරු පහේ හෝටල් දෙකක් ම “බෑ“ කියති!

Parliament

පසුගිය බදාදා පැවැති පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පොදු ජන පෙරමුණු මනත්‍රිවරුන් 70කට පමණ කොළඹ දී ආරක්ෂා සහිත නවාතැන් පහසුකම් සලසා දිම සඳහා අවශ්‍ය වී ඇති අතර කොළඹ තරු පහේ හෝටල දෙකක් ම මෙම මන්ත්‍රීවරුන්ට නවාතැන් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ. ඡන්දය පැවැත්වුණු 20 වැනිදාට පෙර දින රාත්‍රියේ එනම් 19 වැනි අඟහරුවාදා මෙම මන්ත්‍රිවරුන් සඳහා නවාතැන් ලබා දිමට පියවර ගෙන ඇති අතර මේ සඳහා රජයේ දේශපාලකයකු ගේ මුලිකත්වයෙන් කටයුතු සූදානම් වි ඇති බව දේශපාලන ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

අදාළ හෝටල පරිශ්‍රවල රජයේ ආරක්ෂාව ලබා දෙන බව පුකාශ කළද මෙම හෝටල් කළමනාකාරීත්වයන් පොදු ජන පෙරමුණු මන්ත්‍රිවරුන්ට මෙලෙස නවාතැන් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත්තේ පසුගිය මයි 09 වැනිදා ප්‍රහාරය හේතුවෙන් කුපිත වූ ජනතාව ප්‍රහාර එල්ල කල ආකාරයෙන් මෙම හෝටලවලට ප්‍රහාර එල්ල කිරීම හෝ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අපකීර්තිමත් ප්‍රචාර පැතිර යානු ඇති බවට වූ බිය නිසා බව සඳහන් වේ. මේ හේතුවෙන් ඔවුන්ට මෙම එක් හෝටලයකට අනුබද්ධ වෙනත් හෝටලයක් රහසිගතව ලබා දී ඇති වව ද වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති මෙම ඡන්දයේදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් හැකිතාක් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඡන්දය ලබා දීම සහතික කරවීම පිණිස අදාළ මනත්‍රිවරුන් ඒකරාශි කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහකා විශාල වෙහෙසක් ගත් බවද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි. නාමල් රාජපක්ෂ මහකා එහිදී මන්ත්‍රිවරුන් පෞද්ගලිකවම ව හමුවී කතා බහ කර ඔවුන් ගේ ඡන්දය වික්‍රමසිංහ මහතා වෙත ලබා දිමට කටයුතු කර ඇති අතර ජනාධිතිවරයාගේ ජයග්‍රහණයෙන් පසු නාමල් රාජප්කෂ මන්ත්‍රිවරයා සාදයක්ද ඔවුන් වෙනුවෙන් පත්වා ඇති බව වාර්තා වේ.

Exit mobile version