පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියාට පහර දෙයි

මැණික්හින්න රොහලේ වෛද්‍යවරු 8 දෙනාගෙන් 6 දෙනෙක් විරෝධය පා සේවයෙන් ඉවත් වෙලා...

ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත ( වමේ) දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඉරංග

“ මගේ වැයික්කියේ ඉස්පිරිතාල පාලනය වෙන්න ඕනෑ මට ඕනෑ විදිහට ”  යැයි කියමින් කුණ්‍ඩසාලයේ පොහොට්ටු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් මැණික්හින්න රෝහලේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඉරංග මධුෂාන් වෙත පහර දුන්නේ යැයි කියමින් රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් අට දෙනාගෙන් හය දෙනකුම මේ වන විට සේවයෙන් ඉවත්ව සිටි.

මැණික්හින්න රෝහලේ ප්‍රධාන හෙද සොයුරියගේ ස්ථාන මාරුව අවලංගු කරන්නැයි දිගින් දිගටම කරන ලද ඉල්ලීම නොසලකා හැරියේයැයි උරණනව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේදි ඉකුත් 17 වැනිදින අදාල ප්‍රාදේශිය මන්ත්‍රිවරයා වෛද්‍යවරයාට පහර දි ඇති බව කියමින් මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි ඒකකයට පැමිණිල්ලක් කර ඇත. ඉන් අනතුරුව  පහර දිම මත වෛද්‍යවරයා අද 19 තෙක් නේවාසිකව රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පැමිණිලි කළද මේ වනතුරු කිසිදු ක්‍රියාමාර්ගයන් ගෙන නැති බවත්, රෝහල් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් කිසිවිටෙකත් අවශ්‍ය නැති බැවින් පොදුවේ රෝහලේ සේවය වෛද්‍යවරුන්ගේ පාලනයෙන් පැවතිය යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරන්ගේ සංගමය පවසයි. ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරිම සඳහා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ  සංගමය අද 19 රාත්‍රියේ රැස්වන බවද එම සංගමය පවසයි.


තමන් කිසිදු අවස්ථාවක මැණික්හින්න රෝහලේ පරිපාලන සේවයට ඇඟිලි ගැසීමක් සිදු නොකළ බව කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි සමන්ත හේරත්   පවසයි. ප්‍රධාන හෙද නිළධාරිනියහට ලැබී ඇති ස්ථාන මාරුව අවලංගු කිරිමට හැකි උත්සාහයක් ගන්නා ලෙස ඇයගේ ස්වාමියා තමන්ගෙන් ඉල්ලා සිටි බවත්, එවැන්නක් කළහැකිද යන්න තමා සොයාබලා ආණ්ඩුකාර ලලිත් යු ගමගේ  වෙත ඔවුන් යොමුකළ බවත් කී ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ඉන් පසුව කිසිදු අවස්ථාවක රෝහලේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍යවරයා ගේ රාජකාරියට බාධා නොකළ බවද   කියා සිටියේය.

මධ්‍යම පළාත් සෞඛ්‍ය කාර්යාලය වෙත තමන් වෙනත් රාජකාරියක් සඳහා ගිය අවස්ථාවක අදාල වෛද්‍යවරයා සහ ප්‍රධාන හෙද සොයුරිය එහි සිටි අතර  එහිදි තරමක බහින්බස් වීමක් පමණක් සිදුවූ බවද , අවශ්‍ය නම් ඒ අසල ඇති සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ එය පරික්ෂා බැලිය හැකි බවද සමන්ත හේරත් කීය.

වෛද්‍යවරයාට විරුද්දව තමන්ගේ නාමයට කැලැලක් ඇති කිරිම සහ තමන්ගේ නිර්දෝෂි භාවය තර්ජනයට ලක් කිරිම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් දැමිමටත් නීතිය අනුව කටයුතු කිරීමටත් තමා කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවත්, කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි සමන්ත පෙරේරා   කියා සිටියේය.

මෙම සිද්ධිය හේතුවෙන් කිසිදු අවස්ථාවක රෝගි ජනතාවට අසාධාරණයක් ඉටු නොවිය යුතු බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කොට අතිරේක වෛද්‍යවරු සේවයට යොදවා හෝ මහජනතාව වෙනුවෙන් කටයුතු  කරන්නැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ  පළාත් සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දි තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිසියම් සෞඛ්‍ය නිළධාරියකු ස්ථානමාරුවීම් ඔස්සේ අසාධාරණයට ලක්ව ඇත්නම් ඒ සම්බන්ධයෙන් 21වැනි සදුදා දින කරුණු ඉදිරිපත් කිරිමට තමන් කමිටුවක් පත් කොට ඇති බවත්, ඒ හරහා කරුණු සැලකිල්ලට ගෙන සාධාරණ විසදුම් ලබා දිමට පළාත් සෞඛ්‍ය ලේකම් කටයුතු කරනු ඇති බවත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

Exit mobile version