සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුවේ  ගල් අඟුරු සමාගමට ටෙන්ඩරය නොලැබීමේ වේදනාව පාර්ලිමේන්තු විවාදයේ දී පැහැදිලි වුනා ද?… නලින්ද ජයතිස්ස පැහැදිලි කරයි…

by editor
පෙබරවාරි 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • තල නම් තෙලට වේලෙනවා… මී බෙටි වේලෙන්නෙ ඇයි?… ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික  සමගි ජන බලවේගයෙන් අසයි…

  • විවාදයක දි  වෙනදා නැගිට නැගිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ ආණ්ඩු පක්ෂයට… මේ විවාදයෙදි ප්‍රශ්න අහන්නේ විපක්ෂය… මෙහෙම විවාදයක් දැක්කමයි….

ගල් අඟුරු  සම්බන්ධ කතාවේ දී බොහෝ තැන්වල අළු සහ අඟුරු ගෑවී ඇති බවත් අද දිනයේ මේ විෂය සම්බන්ධව පැවති පාර්ලිමේන්තු විවාදය පුරාම විපක්ෂයෙන්  ප්‍රකට වූයේ ඒ වික්ෂිප්ත භාවය බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

විපක්ෂය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගල් අඟුරු ටෙන්ඩර් වංචාව සම්බන්ධ යෝජනා විවාදයේ දී මේ ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධව සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධව ආණඩුව පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙසේ අදහස් දැක්වීය.

“නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය කාලයක් තිස්සේ අපේ රටේ ප්‍රවෘත්ති මවනවා. එක්කො ගල් අඟුරු වංචා දූෂණ සම්බන්ධයෙන්, යන්ත්‍ර අකර්මණ්‍ය වීම සම්බන්ධයෙන්, විදුලි ඇනහිටීම සම්බන්ධයෙන්,  නැතිනම් වංචා දූෂණ සම්බන්ධයෙන් ආණ්ඩු ගණනාවක් සම්බන්ධයෙන් කළු චිත්‍රයක් තමයි මේ බලාගාරය සම්බන්ධව සහ එහි ප්‍රසම්පාදනය සම්බන්ධව තිබුණේ.

2011 පෙබරවාරි මාසයේ මෙහි නිශ්පාදන කටයුතු ආරම්භ වෙලා 2011 ජූලි මාසයේ මෙහි විදුලි නිශ්පාදනය ආරම්භ වෙනවා. අපේ රටේ ගල් අඟුරු තිබුණත් නැතත් අපට ගල් අඟුරු සපයා ගන්න වෙන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන්. ඉතිහාසය දිහා බැලුවාම 2009 ඉඳලා වසර ගණනාවක් ගල් අඟුරු සපයාගෙන තිබුණේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් නොවෙයි.

පළමු සැරේ ගල් අඟුරු සපයා ගන්න ටෙන්ඩර් එකක් කෝල් කරනවා. නමුත් එහි අවසානයට යන්නේ නෑ. අතරමග අවලංගු කරනවා. අවලංගු කරලා කැබිනට් තීන්දුවක් හරහා ගල් අඟුරු මිලදී ගන්නවා.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අපි හිතමු මේක එක සැරයක් වුනා කියලා. පළමු වෙනි වර විතරක් නෙමෙයි මේක වෙන්නේ. එතැන් සිට පළමු සැරෙත් එහෙමයි. ටෙන්ඩර් කෝල් කරනවා. අවලංගු කරනවා. කැබිනට් තීන්දුවකින් ඒවා ගන්නවා. තුන්වැනි සැරේ ටෙන්ඩර් කොල් කරනවා. අවලංගු කරනවා. කැබිනට් තීන්දුවකින් ගන්නවා. හතරවෙනි එහෙමයි. පස්වෙනි සැරෙත් එහෙමයි. ඒ කියන්නේ මේක එකම ක්‍රියාවලියක්.

ආරම්භ කරපු තැන සිට නාමිකව ටෙන්ඩර් එකක් කෝල් කරලා අතරමැද නතර කරලා  තමන් කැමති සමාගමකට කැබිනට් තීන්දුවක් මගින් ලබා දෙන එකක් තමයි මුල් අවස්ථාවේ දි මේ සිද්ධ වෙලා තිබුණේ.  මේ සභාවේ විටින් විට මතුවුන පරිදි ඒ ලබා දුන්නේ  දි නෝමල් රිසෝසස් ලිමිටඩ් කියන සමාගමට.

එතකොට මේ අයට ඉස්සරවෙලාම 2015 දි ටෙන්ඩර් එකකට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුනාම අවුරුදු ගණනාවක් තිස්සේ කැබිනට් තීන්දුවක් මගින් ටෙන්ඩර් නොසලකා ලබාදීපු සමාගමට එම ටෙන්ඩර් එක අහිමිවෙනවා. ටෙන්ඩර් එක අහිමි වුනාට පස්සෙ එම සමාගම යනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකිනුත් එම සමාගම පරාජයට පත් වෙනවා.

ඒ නිසා රාජපක්ෂ පාලන සමය තුළදී ගල් අඟුරු සැපයීමේ ක්‍රියාවලිය සිදුවෙලා තියෙන්නේ එකම ආකාරයකට. ඒක නිකම් සූත්‍රයක් වගේ. ටෙන්ඩර් එකක් කොල් කළාට අතරමග නතර කරනවා. එක සමාගමකට දිගින් දිගටම කැබිනට් පත්‍රිකා  හරහා මේ සැපයුම ලබා දෙනවා.

එතනින් පස්සේ 2016 ඉඳලා ටෙන්ඩර් කෝල් කරලා තියනවා. සමහර ඒවා අවලංගු කරලා තියනවා. ස්පොට් ටෙන්ඩර්ස්වලට ගිහින් තියනවා. මේ ආදී ක්‍රියාවලියක් කරලා 2022 -23 වර්ෂය සඳහා ලංසු කැඳවීමේ කාලසීමාව දින 42 සිට දින 21 දක්වා අඩු කරනවා.

එතකොට එතනින්න පසු ලංසු කැඳෙව්වා නම් ඒ කැඳවලා තිබෙන්නේ දින 21ට දාලව.

මේ ලෝකයේ මොනවා හරි පිළිගත් සම්මතයන්ට අනුකූලව විනිවිද භාවයක් සහිතව මේක කරන්න පුලුවන් ක්‍රමය තමයි නිසි ක්‍රමවේද අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකරන එක. එතකොට වසර ගණනාවක් නිවැරදිව ඒ දේ නොකළ ආයතනයක් සම්බන්ධයෙන් සැපයුමක් සම්බන්ධයෙන් අපේ ආණ්ඩුව සිදුකළ දේ තමයි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි සිදුකිරීමට කටයුතු කිරීම.

ඒ අනුව 2025 අගෝස්තු මාසය වනවිට අපි ජාත්‍යාන්තර සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කළා. ඒ සඳහා සැපයුම්කරුවන් 26ක් ලියාපදිංචි වුනා. ඒක සැලකිය යුතු සංඛ්‍යාවක්. මීට කලින් එකම සමාගමකටම හෝ තෝරාගත්ත සමාගමකට ලබා දුන් ටෙන්ඩර් ක්‍රියාවලිය වෙනුවට සැපයුම්කරුවන් 26 දෙනෙක් ලියාපදිංචි වුනා.

ඒ සැපයුම්කරුවන් සඳහා ප්‍රසම්පාදනය කරන්නට අගෝස්තු මාසයේ 18 ආරම්භ කරලා සැපැත්ම්බර් 18 වෙනිදා දක්වා දින 21ක කාලයක් ලබා දීලා තියනවා. සැපයුම්කරුවන්ගේ ඉල්ලීම මත එය සැප්තැම්බර් 15 දක්වා දික් කළා.

ඒ අනුව 2022-23 වර්ෂයෙ සිට මේ සැපයුම්කරුවන්ට ලබා දුන් දින  21 කාලය අවුරුදු කීපයක්ම තිබුණ එක වෙනුවට දින 28ක් ලබා දුන්නා.

ගල් අඟුරු කතාවේ අළු සහ අඟුරු ගොඩක් තැන්වල ගෑවිලා තියනවා. ඉතින් අපි මේ දින 28ක් ලබා දුන්නාම ලන්සු කරුවන් 10 දෙනෙක් ඉදිරිපත් වෙනවා. මට කියන්න ඔබතුමාලා නියෝජනය කරන කාටද එන්න බැරිවුනේ කියන්නකො. මට දැන් කියන්න අපි මෙහෙම සමාගමක් නියෝජනය කරනවා. අපේ සමාගමට එන්න බැරිවුනා දින 28ක් දීපු නිසා. අපේ සමාගමට එන්න පුලුවන් දින 42ක් දුන්නොත් කියලා.

දස දෙනෙක් ලංසු කරුවන් ඉදිරිපත් වෙලා ඔබ නියෝජනය කරන සමාගම් මේ 10 අතර නැද්ද. තියනවානේ. සමාගම තියනවා. ඒ දින 28 සිට 42 දක්වා දුන්නා නම් ඔබ හිතන්නේ ඔබේ කවර සමාගමක් එයි කියල ද?.

මේ ගල් අඟුරු ටෙන්ඩරයක් සම්බන්ධයක් සම්බන්ධයෙන් ඉතිහාසයේ වැඩිම ලංසුකරුවන් ප්‍රමාණයක් ඇවිත් තියනවා. දහ දෙනෙක් ඇවිත් තියනවා.  හොඳයිනේ.

මෙතනින් නතර වුනාද. නෑ අභියාචනා කාලයක් ලබා දුන්නා. දින 07ක්. සැප්තැම්බර් සැප්තැම්බර් 22  ඉඳන් 29 වෙනකම්… කිසිම ඇපිල් එකක් ඉදිරිපත් වුනේ නෑ නේ.

දැන් මේ දූෂණයක් උනා උනා කියන්නේ මේ සැපයුම ටෙන්ඩරය ලබා ගත් සමාගම හරි නෑ කියන එකනේ මේ කියනවා ඇත්තේ. එතකොට ඔබ නියෝජනය කරන සමාගම්වලට අවසථාව තිබුණ නේ ඇපිල් එකක් ඉදිරිපත් කරන්න. ඉතිරි නව දෙනාගෙන් කවුරුවත් ඇපිල් කළේ නෑ නේ.

එහෙම කළෙත් නෑ. මට තියන ප්‍රශ්නය ඒ සමාගම්වලට  නැති රුදාවක්… සමාගම් එච්චර නහින්නෙත් නෑ මේකට. හැබැයි මේ ටෙන්ඩර් එකේ දිනය අඩු වුනාය, අරම උනාය, මෙහෙම උනාය කියලා මහා ඝෝෂාවක් හදනවා විපක්ෂයෙ කණ්ඩායම් දවස් කීපයක ඉඳලා.

ලංසුකරුවන් 10 දෙනෙක් ඉදිරිපත් වෙලා ඇපිල් එකටත් කිසි කෙනෙක් ඉදිරිපත් වුනේ නැතිනම් ඒ කියන්නේ ඒ ලංසුකරුවන් පිළිගන්නවා ඒ අයට සාධාරණ කාලයක් ලැබුණයි කියලා.

දැන් මෙවැනි ගල් අඟුරු ප්‍රසම්පාදනයක දී මට කියන්න ලෝඩ් පෝට් එකේ රිපෝට් එක පදනම් කරගෙන ඒ ගල් අඟුරු තොගය බාරගන්නේ නැතිව වෙන මොකක්ද ක්‍රමය.  ලෝඩ් පෝට් එකේ පිරිවිතරයන්ට අනුව කිලෝ කැලරි 5900ට වඩා වැඩිනම් ඒක බාරගන්නවා. එතකොට ඒක ලෝඩ් පෝට් රිපෝට් එක හරිනම් වෙන බලන්න මොකක්ද තියන ක්‍රමය කියන්නකො.

ලංකාවට ඇවිත් ඒවා ගොඩබෑවට පස්සේ ලක්විජය බලාගාරයත්, ලංකා ගල් අඟුරු සමාගමත් මේවා පරීක්ෂා කරනවා. පරීක්ෂණ කරනකොට අන්න එතැනදී කිලෝ කැලරි 5900ත් 6150ත් අතර නැතිනම්, 5900ට අඩු නම් මොකක්ද ක්‍රමය. තියෙන්නෙ දඩ ගහන එක. දඩ ගහන එක ඇරුණාම මොකක්ද කරන්න තියෙන්නේ.

මේ ආණ්ඩුව ඇවිත් අලුත් ක්‍රමයක් හැදුවා නෙමෙයි නේ. තිබුණ ක්‍රමය ප්‍රසම්පාදන ක්‍රමයට හරියට කළා. පරීක්ෂණ ක්‍රියාවලිය හරියට කළා. ලෝඩ් පෝට් රිපෝට් එක බලලා හරිනම් ගල් අඟුරු ටික ගෙනාව. ගෙනාවට පස්සේ ඒ අදාල පරීක්ෂණ සිදුකළා.

ඒ පරීක්ෂණ සිදුකරනකොට ඒ සීමාවෙ නැතිනම් දඩයක් තියනවා. 5900ට අඩුනම් දෙගුණයක දඩයක් අය කරනවා. දැන් මේක නේද 2020 -21 මිලියන 4.54ක් දඩ ගහලා තියනවා. 2022-22 මිලියන 6.1ක් දඩ ගහලා තියනවා. 2022-23 මිලියන 7.8ක් දඩ ගහලා තියනවා.

මෙහෙම දඩ ගහලා තියෙන්නේ කොහොමද. පටවන වරායේ රිපෝට් එක සහ ගොඩබාන වරායේ රිපෝට් එක අනුව. මේක තමයි ක්‍රමය. ඉතින් මේ අනුව කටයුතු කරලා තියනවා.

අවස්ථා කීපයකීම ඩී.වී චානක මන්ත්‍රිවරයා මේ කථාවට බාධා කරමින් ප්‍රශ්න මතු කළේය. ඒ අවස්ථාවේ දී නලින්ද ජයතිස්ස  ඉතා සාවධානව අසා සිට මෙසේ පැවසුවේය.

මේ කතාවට හාරා හාර යන්න ඕන නෑ. පළවෙනි සැපයුම් කරු සහ දෙවැනි සැපයුම්කරු අතර පරතරය ඩොලර් මිලියන 3.375යි. දැන් මේ ගොඩක් කතා කියන්නේ මොකක් නිසාද කියලා, ගොඩක් කතා කියන්නේ කවුරු නිසාද කියලා හොයලා බලන්න පුලුවන් කවුද දෙවැනියට ඉන්නේ කියලා බැලුවා නම්.

ඕක හරි සරලයි. නැගිටින්නේ වෙන මොකක් නිසාද කියලා තේරෙයි මේ දෙවැනියට ඉන්නේ කවුද කියලා හොයලා බැලුවා නම්. තමන්ගේ කාලයේ  ටෙන්ඩර් එකවත් කරලා නෑ. කැබිනට් තීන්දුවලින් ගිහින් තියෙන්නේ. එහෙම කරපු අය ටෙන්ඩර් ක්‍රියාවලියක් හරියට ගිහින් මේක නියමිත පරිදි ලබා දුන්නාම යම් වරදක් සිදුවෙලා තියනවා නම් ඒ කිලෝ කැලරි ප්‍රමාණය අඩුවෙලා දඩ ගහලත් තියනවා නම් ඒකට දැන් අභියෝග කරන්න යනවා.

යෝජනාවේ පළවෙනි වාඛ්‍යයේම වැරැද්දක් තිබුණා. මොනතරම් ගල් අඟුරු ප්‍රමාණයක් ගේනවාද කියලා නොදැන තමයි යෝජානාව ගෙනත් තියෙන්නේ. යෝජනාව ගෙනත් තියෙන්නෙ ආංශික අධීක්ෂණ සභාවෙ සභාපති තුමා.

මේ විවාදෙදි මම දැකපු දෙයක් තියනවා. වෙනදා වෙන්නේ ආණ්ඩු පක්ෂයට තමයි නැගිට නැගිට උත්තර දෙන්න වෙන්නේ. මේ විවාදෙ තමයි විපක්ෂයට නැගිට නැගිට උත්තර දෙන්න වෙච්චි විවාදය. ඇයි ඒ?. මේක පුදුම සහගත දෙයක්.

ඇයි ඒ… ඒ තරම් පැරණි ගල් අගුරු ගනුදෙනු දූෂිතයි. අලුත් ගෑවිලා. ගල් අඟුරු කළුත් ගෑවිලා…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති ඉන්දීය අගමැති හමුවේ… ද්වී පර්ශවික සාකච්ඡා පවත්වයි…

Next Post

ට්‍රම්ප්ගේ උද්දච්ච විකෘතිය බිඳ දැමූ අධිකරණ තීන්දුව…. ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු පැනවීම් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි….

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.