පොලිසිය කොල්ලකරුවන්ට තැබූ වෙඩි පහරක් වැදී  මහ මග ගමන් ගත් තරුණියක් මරුට…

Police

අද (02) අළුයම දංඕවිට ප්‍රදේශයේ කොල්ලයක් සිදුකිරීමට පැමිණි කොල්කරුවන් පිරිසක් ඉලක්ක කරගෙන  පොලිිසිය විසින් කළ  වෙඩි තැබීමක දී  වැරදී ගිය වෙඩි පහරට ලක්ව  අනුරාධපුර කොළඹ බස් රථයක ගමන් කරමින් සිටි තරුණියක් මිය ගොස් තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

කොල්ලකරුවන් පිරිසක් දංඕවිට ප්‍රදේශයේ මත්පැන්හලක් කොල්ලකමින් සිටින බවට පොලිසියට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව පැමිණි පොලිස් කණ්ඩායමක් කොල්ලකරුවන් වටලද්දී  ඔවුන් තමන්  පැමිණි වැගන් ආර් රථයෙන් පලා ගොස් ඇත.


පොලිසිය කොල්ලකරුවන් හඹා ගොස් වෙඩි තැබීමට පටන් ගෙන තිබේ. එසේ වෙඩි තබමින් හඹා යද්දී එම වෙඩි පහර අනුරාධපුර සිට කොළඹ බලා යන බස් රථකයට වැදී  ඇත.

වැරදී ගිය වෙඩි පහරට ලක්වූ අනුරාධපුර සිට කොළඹ බලා ගමන් කරමින් සිටි ගාල්ල ප්‍රදේශයේ තරුණියක මියගොස් තිබේ.

පසුව කොල්ලයට පැමිණි පිරිස ගමන් කළ වැගන් ආර් රථය වත්තල ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී හමුවී ඇත.

කොල්ලයට පැමිණ කොල්ලකරුවන් දෙදෙනෙක් වෙඩි වැදී රාගම රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගනිමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩිදුර විමර්ශන පැවැත්වේ.

 

Exit mobile version