පොලිසිය අසල නවතා උසාවියට ගිය පුද්ගලයෙකුගේ යතුරු පැදිය හොරු අරන්..

මාතර  –  සම්පත් –

විභාග වෙමින් තිබුණු නඩුවකට ඉදිරිපත් වීම සඳහා අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ සිට  යතුරු පැදියකින්    දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ  අධිකරණය සහ පොලීසිය අසල එය නවතා නඩුවට සහභාගී වීමට ගිය පුද්ගලයෙකුගේ යතුරු පැදිය සොරකම් කළ සොරෙක් ගැන දෙයියන්දර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

යතුරු පැදිය ගාල් කිරීමට ඉඩකඩ තිබූ ස්ථානයක එය    නතර කර  අධිකරණයට  ගොස් නැවත දිවා කාලයේ පැමිණ බලන විට යතුරු පැදිය එම ස්ථානය තිබී නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය සමඟ සොයා බැලුවද යතුරුපැදිය කිසිවකු විසින් සොරාගෙන ඇති බවට අනාවරණය වි තිබේ . යතුරුපැදිය සොරකම් කරන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරි   චන්දන හේරත් ගේ උපදෙස් මත දෙයියන්දර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදේෂ් නාලක ගේ මෙහෙයවීමෙන්  දෙයියන්දර පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කරයි.

Exit mobile version