පොලිසිය අද හෙටම ටියුෂන් පන්තියට එන හැඩ

උපකාරක අමතර පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශවලට අනුකූලව  කටයුතු කිරීමට  දේශකයන්, සිසුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම අද (01) දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ  මාර්ගෝපදේශ පිටපත්ද පොලිස් ස්ථානවලට යොමු කිරීමටද පොලිස්පතිවරයා පියවර ගෙන ඇති අතර එම පිටපත් තම වසමේ ඇති සියළුම උපකාරක පංතිවල ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා ලෙසටද පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම එම මාර්ගෝපදේශ පිටපත් දේශකයන්ටත් සිසුන්ටත් දෙමාපියන්ටත් වෙන වෙනම යොමු කිරීමටද පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.


Exit mobile version