පොලිසියෙන් බේරෙන්න අයිස් මත්ද්‍රව්‍ය ගිල්ල සැකකරු මරුට…

death

පිලියන්දල කරදියාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග  ඊයේ  (7) රාත්‍රියේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ එම මත්ද්‍රව්‍ය ගිලීම නිසා මියගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි

මොරටුව  ලක්ෂපතිය මහා විහාර පාර  කනගරත්න පෙදෙස පදිංචිව සිටි ඉරෙශ් උදයංග නැමැත්තෙක් මෙසේ මිය ගොස් ඇත.

පොලිසියට ලද තොරතුරක් අනුව ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටිය දී   මෙම සැකකරු ඇතුලු සැකකරුවන් සිවු දෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වී ඇති බවත්,  පසුව ඔවුන් පිලියන්ද පොලිසියට රැගෙන ගොස් වැඩි දුර විමර්ශනයක් සඳහා මරණයට පත් සැකකරු රැගෙන යද්දී ඔහු තමන්ට ක්ලාන්ත ගතියක් දැනෙන බව කී නිසා පිලියන්දල රෝහල වෙත රැගෙන ගිය බව පොලිසිය කියයි.


එහි දී මිය ගිය පුද්ගලයා පවසා ඇත්තේ වෛද්‍යවරයාට පුද්ගලිකව යමක් පැවසීමට ඇති බවය. අනතුරුව මෙම තැනැත්තා වෛද්‍යවරයාට දන්වා ඇත්තේ තමන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් ගිල දමා ඇති බවයැයි පැවසේ.

මේ බව දැනගත් වහාම  ඔහුව පිලියන්දල රෝහලෙන් කළුබෝවිල රෝහල වෙත මාරුකර යවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් රෝහල්ගත කර පැය කීපයක් තුළ දී මේ තැනැත්තා මියගොස් ඇත.

Exit mobile version