පොලිස් ත්‍රස්ත මර්ධන ඒකකයෙන් අත්අඩංගුවට ගත් වේලන් සාමි ඇප පිට නිදහස්!

දිනසේන රතුගමගේ

දෙමළ ජාතික සන්ධානයේ උපදේශකවරයෙකු වන වේලන් සාමී නැමැත්තා යාපනය පොලීසියේ ත්‍රස්ත මර්දන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව  රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඊයේ  ( 18 ) රාත්‍රී නිදහස් කොට තිබේ.

වසර දෙකකට ඉහතදී මඩකලපුව පොතුවිල් සිට යාපනයේ පේදුරුතුඩුව දක්වා විරෝධතා රැළියක් සංවිධානය කිරීමේ චෝදනාව මත ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණි.

අත් අඩංගුවට ගත් වේලන් සාමිවරයාගේන් පොලිස් ත්‍රස්ත මර්දන අංශය විසින් පැය හයකට වඩා වැඩි කාලයක් ප්‍රශ්නකොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වේලන් සාමිවරයා වෙනුවෙන් නීතිඥවරු ලෙස  දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එම්. සුමන්තිරන් හා යාපනය හිටපු නගරාධිපති එස්.මනිවන්නන්   පෙනී සිටි අතර වේලන් සාමිට ඇප ලබා දීම සඳහා ඔහුව යාපනය මහේස්ත්රාත්වරයාගේ නිල නිවස වෙත ඉදිරිපත් කොට තිබුණි.


Exit mobile version