පොලිස් කාන්තා සැරයන් ට්‍රක් රථයට යටවී මරුට!

සුමිත් පොතුපිටිය –

කාන්තා පොලිස් නිළධාරීනියක අද ( 20) පස්වරුවේ ට්‍රජ් රථයකට යටවී මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ දොඩංගොඩ, පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී සැරයන් දමයන්ති වීරසූරිය නමැති කාන්තා නිළධාරිනියක බව පොලිසිය කීය.

මියගොස් ඇති පොලිස් නිළධාරිනිය රාජකාරි නිමවා බසයෙන් ගොස් මලබඩ හන්දියේ දී බසයෙන් බැස පදික මාරුවෙන් පාර මාරුවෙමින් සිටියදී මතුගම දෙස සිට කළුතර දෙසට ගමන් කල ට්‍රක් රථයේ ගැටී ඇති බව පොලිසිය කීය.

බරපතළ තුවාල ලබා සිටී තැනැත්තිය කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බව පොලිසිය කීය.


ට්‍රක් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Exit mobile version