පොලිස් කතකට අතවර සිද්ධියකට ගන්දර පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය විසින් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ආධුනික පොලිස් කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම අතවර සිද්ධියේ ඊයේ සිදුව ඇති අතර, එහිදී පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මිදී ආ ආධුනික පොලිස් නිලධාරිනිය මේ බව සෙසු නිලධාරිනියන්ට ද සැළ කර ඇත.


එම තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වූ මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ කාර්යාලයේ විශේෂ කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පොලිස් නිලධාරියා මීට පෙර ද වෙනත් චෝදනා මත වැඩ තහනමට ලක්ව යළි සේවයට පැමිණි නිලධාරියෙකු වන අතර ඔහු ගන්දර පොලිසියට පොලිසියට අනියුක්ත කර ඇත්තේ මාතර ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ද විරෝධය මත ය.

එම පත් කිරීම පසුපස ප්‍රබල දේශපාලන බලපෑමක් තිබූ බවද සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන පොලිස් ස්ථානාධිපතිවරයා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version