පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීවරුන්ගේ ස්ථාන මාරුවීම් ලබාදීමේ බලය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග පොලිස් කොමිසමෙන් ගිලිහී රාජ්‍ය පරිපාලන කොමිසමට පැවරුණත් රාජ්‍ය පරිපාලන කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් අඛණ්ඩව නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගණනාවකට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවත්, එම ප්‍රවේශ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විෂයෙහි අනුගමන නොකිරීම අතිශය ගැටලු සහගත බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පොලිස්පතිවරයාගේ මේ දෙබිඩි පිළිවෙත පොලිස් දෙපාර්තමේන්තුවේ නීති අංශය තුළම විශාල විසංවාදයක් ඇති කරන්නේ මැයි 09 දා ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතා දැක්වූ සාමකාමී විරෝධතා කරුවන්ට පහරදීම නිසා රටම බරපතල විනාශයකට යෑම වළක්වා නොගැනීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පවතින පරික්ෂණ නිමා වනතුරු ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට කළ දැනුම් දීමට පිළිතුරු ලෙස තමන්ට එවැනි බලයක් නොමැති බව පොලිස්පතිවරයා විසින් නීතිපතිට දැන්වීමත් සමගය.

පොලිස්පතිවරයා නීතිපතිට දන්වා යවන්නේ මේ ස්ථාන මාරුව කළ හැකි බලය ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බවය. අනෙක් කාරණාව ලෙස දක්වා ඇත්තේ ඔහු ඉවත් කිරීමට පාදක හේතුව නිශ්චිතව නීතිපතිවරා විසින් තමන්ට දන්වා නැති බවය.

පහතින් දැක්වෙන්නේ පොලිස්පතිවරයා විසින්  මේ වසරේ අප්‍රේල් මස 13   දින ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරු  දෙදෙනෙක් වෙත ස්ථාන මාරුවීම් ලබා දී ඇති ආකාරයයි. එදින සිට මේ දක්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 06 දෙනෙක් ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු කර තිබේ.

Exit mobile version