පොලිස්පති තනතුරට කාන්තාවක් පත්වීමේ කතාව යළි කරළියට !

පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන් සඳහා කාන්තාවන්ට අවස්ථාව සලසන වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) හමුවේ පෙරේදා (26) සඳහන් කර ඇත.

2019, 2020 සහ 2021 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට පෙරේදා කැඳවා තිබූ අතර ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නිලධාරීන්ගේ හිඟය ඇතුළු ගැටලු මෙහිදී අවධානයට යොමු විය. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 2419 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවත් 2023 වසරේ සම්පූර්ණ කිරීමට යෝජිතව තිබුණත් වත්මන් ආර්ථික තත්ත්වය මත එය සිදු කිරීමට නොහැකි වූ බවත් මෙහිදී අනාවරණය විය.

පොලිසිය තුළ තිබුණු පැරණි තත්ත්වය වෙනස් කොට අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට කාන්තාවන් සඳහා අවස්ථාවක් දීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහිත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව එහිදී පොලිස්පති වික්ව‍රමරත්රන මහතා සඳහන් කර තිබේ.


ඒ අනුව අනාගතයේ  කාන්තාවක් පොලිස්පතිවරියක් බිහි වීමට අවස්ථාව සැලසෙනු ඇති බවද පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ඊළඟ පොලිස්ති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සහ ඔවුන්ට සහ දෙ දේශපාලකයන් හේතුවෙන් =මතුව තිබෙන තරගකාරී පසුබිම හමුවේ කාන්තාවක වෙත පොලස්පති කනතුර ලබා දම කෙරහි රජයේ ඉහළම පෙළේ අවදානය යොමු වූ අතර ඒ සඳහා නිතී ක්ෂේත්‍රෙය් ඉහළම තනතුරු දැරූ ජනාධිපති නීතීඥවරියකගේ නමද යෝජනා වී තිබිණ.

Exit mobile version