පොලිස්පතිත් දේශබන්දුත් තම පුද්ගලික කාර්යාලයට ගෙන්වා පොලිස් ඇමති පොලිස් සැලසුමක… .

අද (23) වැඩ භාරගත් මහජන ආරක්ෂාව  පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයා සමග පවත්වන පළමු හමුව අමාත්‍යාංශ පරිශ්‍රයේදී නොපවත්වා රොස්මිඩ් පෙදෙසේ  සිය පුද්ගලික කාර්යාලයේ දී බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෛා්ජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද සහභාගී කරගෙන පැවැත්වීමට කටයුතු කර තිබේ.

වාර්තාවන පිරිදි සිද්ධිය මෙසේය.

අද අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාව රොස්මිඩ් පෙදෙසේ  සිය පුද්ගලික කාර්යාලය වෙත කැඳවා තිබේ.

පොලිස්පතිවරයා   පැමිණෙන්ට පෙර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ස්ථානයට පැමිණ ඇත.  අනතුරුව තිදෙනා දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති බව පැවසේ.

පොලිස් ඇමතිවරයා ධුරයේ වැඩ භාර ගැනීමත් සමගම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පත් කරන්නැයි පොලිස්පතිගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.


එවැනි තනතුරක් සඳහා ප්‍රතිපාදන නොමැති බවත්, මෙතෙක් පොලිස් අධිකාරී නිලයේ නිලධාරියෙක් අමාත්‍යාංශය සහ පොලිසිය සම්බන්ධීකරණ වගකීම දැරූ බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් මේ සියලු සිදුවීම් පෙළ ගැසෙන්නේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන් බස්නාහි පළාතේ දැන් කරන වගකිම් සහ රාජකාරිවලින් වහාම ඉවත් කර වෙනත් රාජකාරියකට අනුයුක්ත කරන ලෙස නීතිපති  නියෝගයක් නිකුත් කර තිබිය දීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නියෝගය මේ වනතුරුත් ක්‍රියාත්මක නැත.

Exit mobile version