පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ කොවිඩ් රෝගීන් හරවා එවලා…

කොවිඩ් ආසාදිතයන් සේ හඳුනාගෙන  දිවුලපිටියෙන් අද දහවල් කොවිඩ් ආසාදිතයන් 07 දෙනෙක් ගිලන් රථ දෙකකින් පොල්ගොල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත පිටත් කර යැව්වේය.

මෙසේ යවන ආසාදිතයන් 07දෙනා සමග තවත් ආසාදිතයින් 10කට වැඩි පිිරිසක් පොල්ගොල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගම්පහ දිස්ත්‍රික්කයෙන් යොමු කර තිබිණි.

ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රෝගීන් රැගෙන ගිය විට එම මධ්‍යස්ථාන පරිපාලනය පවසා තිබුණේ පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය පිරී ඇති බැවින් නව රෝගීන් ඇතුළු කරගත නොහැකි බවය.


පවතින තත්වය තුළ ආසාදිත පිරිසට ගිලන් රථයෙන් පිටතට බසින්නට ඉඩක් නැත. ඔවුහු පැය ගණනක් පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය අසල සිටියහ. රෝගීන් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව රෝගීන් ද රැගෙන ගිලන් රථය ගමන් කිරීමට පටන් ගත්තේය.

කෑමක් තබා බීමට වතුර පොදක් නැතිව, වැසිකිළියකට යෑමට අවස්ථාවක් නැතිව මේ ලියන මොහොත වනවිටත් ඔවුහු ගිලන් රථයේ සිටිති.

කොහද යන්නෙ කියලා අපි දන්නෙ නෑ,.. ඇහුවට කියන්නෙත් නෑ,..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගිලන් රථයේ සිටි රෝගියෙක් ලංකාසරට කීවේය.

Exit mobile version