පොල්ගොල්ලේ කොවිඩ් රෝගීහු පිස්සු කෙළිති

කෙළ ගහනවා, රණ්ඩු වෙනවා, බඩු මුට්ටු පොඩි කරනවා... සමහර අවස්ථා පාලනය කරන්න අපහසුයි...

පොල්ගොල්ල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටවූ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගන්නා 300කට ආසන්න රෝගීන්ගෙන් කොටසකගේ හැසිරීම සෞඛ්‍යය   පරිපාලන අංශ බරපතල අපහසුතාවයට පත් කර ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රඳවා ඇත්තේ කොවිඩ් ආසාදිත මුත් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන්ය.

මෙම රෝගීන්ගෙන් අයෙක් ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ නිරන්තරව ගැටුම් ඇති කරගැනීම, දේපලවලට හානි සිදුකිරීම, උඩු මහලේ සිට  කෙළ ගැසීම, කට සෝදා හැකි තරම් එපිටට විසිකිරීම වැනි වෛරී ක්‍රියාවන්හි නිරතවෙමින් ඇති බව පැවසේ.

ගැටුම් පාලනය කර ගත නොහැකි අවස්ථාවල පල්ලෙකැලේ යුද හමුදා කඳවුරේ සහය ලබාගැනීමට සිදු වී ඇති බවත් දැනට සිටින ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් යොදා තත්වය පාලනය කරගෙන සිටින බවත් වාර්තා වේ. එක තැනක සිර වී සිටීම නිසා ඇති වූ  මානසික පීඩන  තත්වයන් මේ හැසිරීම්වලට හේතුවන බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.


මේ අතර මෙවැනි රෝග ලක්ෂණ නොපෙන්වන කාන්තා කොවිඩ් ආසාදිතයන් 350ක් පැණිදෙණියේ ද, සෞඛ්‍ය කාර්ය මණ්ඩල පල්ලෙකැලේ අයුර්වේද  රෝහලේ ද, රටපුරා සේවය කරන කොවිඩ් ආසාදිත විශේෂඥ වෛද්‍යවරු නුවර වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සේ ගොඩනැගුණු තිලක් අබේසේකර වකුගඩු ප්‍රතිකාර නේවාසිකාගාරයේ ද රඳවා සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වකුගඩු ප්‍රතිකාර නේවාසික මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්වීම ප්‍රතිකාර ගැනීමට දුර බැහැර සිට පැමිණෙන වකුගඩු රොගීන් ඉතා අසරණ අවදානම් සහගත තත්වයකට ඇද දැමීමක් යැයි ද රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 

 

Exit mobile version