“පොර ටෝක්වලින්“ විසඳෙන්නේ නැති ගෑස් ප්‍රශ්නය… මේ අද කරාපිටිය…

ලලිත් චාමින්ද –

මේ මොහොත වනවිට ගාල්ලේ කරාපිටියේ පෝලිම්ය. ඒ ගෑස් ලබා ගැනීම සඳහාය.     ගාල්ලේ ගෑස් බෙදාහැරීමේ ස්ථානයන් කිහිපයකට ඊයෙත් ගෑස් ලබාදී තිබුණු ආරංචියට හිස් සිලින්ඩරත් අරගෙන මිනිස්සු පෝලිමට එක් වූහ. එහෙත් එය ඉල්ලුමට කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැත

ලිට්රෝ ගෑස් හිඟය ඉදිරි සතියේදී සම්පූර්ණයෙන්ම දුරු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මාධ්‍යයට කියා තිබුණේය.

මේ වන විට දෛනිකව ගෑස් සිලින්ඩර 85,000 ක පමණ නිපදවා වෙළෙඳ පොළට නිකුත් කිරීමට කටයුතු යොදමින් තිබෙන බවත් ඔහු කීවේය.


මෙරට සාමාන්‍යයෙන් දෛනික ගෑස් සිලින්ඩර් ඉල්ලුම 75,000ක් පමණ වන බව පෙන්වා දුන් සභාපතිවරයා පැවසුවේ කිසිදු හිඟයකින් තොරව ඉදිරි සතියේ සිට ඕනෑම ප්‍රමාණයක ගෑස් සිලින්ඩර් ලබා ගත හැකි බවයි.

එහෙත් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වැගපිටිය පෙන්වා දෙන්නේ වෙළෙඳ පොළට ලාෆ් ගෑස් නිකුත් කිරීම තව දුරටත් ප්‍රමාද වන බවයි. ඩොලර් හිඟය හේතුවෙන් ගෑස් මිලට ගැනීමේ ගැටලු උද්ගතව ඇත බව පෙන්වා දුන් වැගපිටිය හෙට ඩොලර් ලබා දෙන්නේ නම් අනිද්දා සිට ගෑස් සැපයීම කළ හැකි බව පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ කවුරු මොනවා කිව්වත් මහ පොළොවේ ප්‍රශ්නය වෙනස්. ඒ ප්‍රශ්නය ප්‍රකාශ වන්නේ පෝළිම්වලිනි…

Exit mobile version