පොදු ජන පෙරමුණ නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ ලෙස හඳුන්වන්න

රන්ජන් පාර්ලිමේන්තුවේදි කියයි...

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අද හැඳින්විය යුත්තේ නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ ලෙසින් යයි පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ ළේය. ඔහු  ප්‍රකාශ කළේ තම හසමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට පැමිණෙන අවසන් දිනය අද බැවින් තමාට අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්නැයි අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඔහු එහිදි සඳහන් ‍කළේ තමන්ට එරෙහි නඩුවේ තීන්දුව ලබන 08 වැනිදාට ලැබෙන බවත් එදින තමන් සිරගත වීමට ඉඩ තිබෙන බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නඩුව තමන්ට පැවරුවේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ බවත් තමන් සොරකම් කොට නැති බවත් ඇත්ත කතා කිරීම නිසා දඬුවම් විඳීමට සිදුවිය හැකි බවත් සඳහන් කළ රන්ජන් රාමනායක මහතා අඩුම වශයෙන් මාස හයක් උපරිම වශයෙන් වසර දෙකත් අතර කාලයක් දඬුවම් විඳින්නට සිදුවනු ඇතැයි ඔහු එහිදී තවදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version