පේරාදෙණිය සරසවියේ හිටිය මූල්‍ය අධිකාරිවරයෙකුගේ කෝටි 05ක වංචාව විගණනයෙන් හෙළිවුණු හැටි!

Peradeniya

ලලිත් චාමින්ද –

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2005 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා  කාලපරිච්චේදය තුළ සේවය කරනු ලැබු  ජ්‍යෙෂ්ඨ සහකාර මුල්‍යාධිකාරිවරයා  විසින්  රුපියල් 50,338,159ක  ( පන් කෝටි තුන් ලක්ෂ තිස් අට දහස් එකසිය පනස් නවයක) මුදලක් වංචාකර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම 5,000,000ක මුදලක් මාස  06 ක පමණ කාලයකදි අයථා ලෙස පරිහරණය කොට ඇති බවද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.  මෙම ගනුදෙනු හේතුවෙන්  ආයතනයට හිමිවිමට තිබු  රුපියල් 24,346,723 පමණ  පොළි මුදලක් අහිමිවි තිබු බවද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මුල්‍යාධිකාරිවරයා විසින්  අනුමැතියකින් හා අවශ්‍යතාවයකින් තොරව  ස්ථාවර තැන්පතු නිදහස්කර තිබු අතර  එම මුදල් හා පොළී මුදල්  නිසි පරිදි බැංකුගත කිරීමට හෝ  පියවරගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.


එමෙන්ම නිසි පරිදි  කටයුතු සිදුකිරීමට සම්බන්ධිත පාර්ශව  කටයුතු කර නොතිබුණු අතර  බැංකුව විසින් ද තම වගකීම්  නිසි පරිදි ඉටුකිරීමට කටයුතුකර නොතිබු බවද  ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ  පාඨමාල සඳහා ලියාපදිංචිවන සිසුන්ගෙන්  ඒ සඳහා ගාස්තු අයකරනු ලබන අතර  එය පීඨයේ ආදායම වේ. එසේ රැස්කරනු ලබන ආදායමේ අතිරික්තය  ආයතනය විසින්  ස්ථාවර  තැන්පතුවල  ආයෝජනය කර තිබුණි.  එම ආයෝජනය නිදහස් කරගැනීමෙන් මෙකී   මුදල් වංචාව වි  ඇති බවද   විගණන වාර්තාවේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අරමුදල් ස්ථාවර තැන්පතුවල ආයෝජනය පිළිබඳව මෙම විශේෂ විගණන වාර්තාව නිකුත්කොට තිබුණි..

 

 

Exit mobile version