පේරාදෙණිය සරසවියට අයත් වාහනවල ඉන්ධන ටැංකි අගුළු කඩා ඉන්ධන සොරකම් කිරිමේ  ජාවාරමක්…  

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අයත් වාහන තුනක ඉන්ධන ටැංකි වල අගුලු කඩා ඩීසල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය හා විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය පරීක්ෂණ පවත්වයි.

එම වාහන විශ්ව විද්‍යාල පරිශ්‍රයේ නවතා තිබූ ඒවා වන අතර එක් වෑන් රථයක ඉන්ධන සොරාගෙන ඇත්තේ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය ඉදිරිපිට එය නවතා තිබියදීම ය.

බස් රථයක හා වෑන් රථ දෙකක ඉන්ධන ටැංකි වලින් මෙලෙස ඉන්ධන සොරාගෙන තිබේ.

කෘෂිකර්ම පීඨයේ වෑන් රථයක් පෙරේදා (28) රාත්‍රියේ ඉන්ධන සොරාගෙන තිබියදී  ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ඇස් වලට වැලි ගසා ඊය් (29) අලුයම් කාලයේ බස් රථයක හා වෑන් රථයක ඉන්ධන සොරා ගෙන ඇත.


තවත් බස් රථ දෙකක හා වෑන් රථයක ඉන්ධන සොරා ගැනීම සඳහා ඉන්ධන ටැංකි වල අගුලු කැඩීමට උත්සහ කර තිබෙන නමුත් ඉන්ධන සොරා ගැනීමට නොහැකි වී තිබෙන බව එම වෑන් රථවල රියදුරන් පොලීසියට පවසා තිබේ.

සෙසු වාහන කෘෂිකර්ම පීඨය හා සනාතන මන්දිරිය ඉදිරිපිට නවතා තිබී ඇත.

වාහන විශ්ව විද්‍යාල පරිශ්‍රයේ නවැත්වීමෙන් පසු ඒවාහි යතුරු ආරක්ෂක අංශයට බාරදීමට රියදුරන් කටයුතු කරන අතර ඉන්පසු වාහනයේ ආරක්ෂාව සම්බන්ධ වගකීම පැවරෙන්නේ ආරක්ෂක අංශයටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශ්ව විද්‍යාලයට අයත් වාහන තුනක ඉන්ධන සොරා ගැනීමේ සිද්ධියක් වාර්තා වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  උපකුලපති මහචාර්ය එම්.ඩී ළමාවංශ මහතා කීය.

Exit mobile version