පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නව පීඨාධිපතිවරයා වශයෙන් මහාචාර්ය රවී කුරුප්පුගේ පත් කර ඇත.
පීඨ මණ්ඩලයේ ඒකමතික තීරණයක් මගින් පත් කෙරුණු අභිනව නව පීඨාධිපතිවරයා 2023 අගෝස්තු 18 වන දින වැඩභාර ගත් අතර මහාචාර්ය රවී කුරුප්පුගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරවේදී ප්‍රථම උපාධිය ද, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (MBA), කොළඹ විශ්ව විද්‍යාලයේද, කැළණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය මෙන්ම චෙක් ජනරජයේ Zlin හි Tomas Bata විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය ද හදාරණ ලද මහාචාර්යවරයෙකි.
කළමනාකරණ පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අතුල ඒකනායකගේ ධූරකාලය අවසන් වීමෙන් නව පීඨාධිපතිවරයා කළමනාකරණ පීඨ පීඨ මණ්ඩලය මගින් තේරී පත් කෙරිණි.