පේරාදෙණිය මැර සිසුන් 22 තෙක් රිමාන්ඩ්… මැර සිසුන්ට විරෝධය පා සරසවි ආචාර්යවරු 14 සිට 18 තෙක් ඉගැන්වීම් වරති…

Peradeniya

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති අතුල සේනරාත්නට පහර දීමේ සිද්ධිය සම්බන්ධව ශිෂ්‍ය භාවය ආහොසි කරනු ලැබූ ශිෂ්‍යයින් 12 දෙනාගෙන් පොලිස් අත්අඩංගුවට පත් සිසුන් 10 දෙනා ලබන 22 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීන්ත් විජේසේකර අද නියෝග කළේය.

මෙම සිසුන් පල්ලෙකැලේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ   අචල කීර්ති වාසලසිංහ,    ප්‍රමෝද් නිපුනජිත්,   සම්පත් සඳරුවන්,   මධුශාන් තිලකරත්න,   මනෝජ් තිවංක,   චරිත් දිල්ශාන්,   ගිහාන් සම්පත් උදයංග, තිලිණ සඳරුවන්,   බුද්ධික ජයසුන්දර, ක්‍රිෂාන් ශ්‍රී ලාල්  යන සිසුන්ය.

හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුතාට සරසවිය තුළ දී පහරදීමට     විරෝධය පලකරමින්  හෙට (14) සිට  ලබන 18 දා ඉරිදා  දක්වා  ඉගැන්වීම් වලින් වැලකී  සිටීමට කලා පීඨයේ සියලුම  ආචාර්ය සහ  මහාචාර්යවරුන්  මේ වනවිට  තීරණය කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පේරාදෙණිය විශ්වවිද්‍යාල  ආචාර්ය මණ්ඩල වෘත්තීය සමිතිය විසින් මෙම තීරණය ගෙන තිබේ.

Exit mobile version