පෙරහර වියදම ලක්ෂ දෙදහසක් පනී… වියදම තුන්ගුණයකින් වැඩියි – නාථ දේවාල බස්නාය නිලමේ…

රටේ පවතින අධි උද්ධමන පසුබිම තුළ මෙවර සිව් මහා දේවාල පෙරහර සඳහා එක් දේවාලයකට වෙනදා දැරූ වියදම මෙන් තුන් ගුණයකට වඩා වැඩි වියදමක් ද, දළදා මාළිගාවට වෙනදා දැරූ වියදම මෙන් පස් ගුණයක් දක්වා වූ වියදමක් ද දරන්නට සිදුවනු ඇතැයි නාථ දේවාලය බස්නායක නිලමේවරයා වූ නීතිඥ ගයාන් හෂීල හීන්කෙන්ද  පවසයි.

බීබීසී වෙත ප්‍රකාශයක් දෙමින් ඔහු පවසන්නේ  මෙවර ඇසළ මහා පෙරහරට එක් දේවාලයක්  වෙනුවෙන් පෙරහර වියදම ලක්ෂ 150 -200ක් පමණ  වනු ඇති බවය. දළදා මාළිගාවේ  පෙරහර වියදම   ලක්ෂ දහසක් පමණ වනු ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

අද සවස 6.35ට අවසන් රන්දෝලි පෙරහර ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

අල් අතුන් 60කට වැඩි සංඛ්‍යාවක්, නර්තන ශිල්පීන් දෙදහසකට අධික පිරිසක් අද පෙරහරට එක්වෙති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාස්කු ප්‍රහාරයෙන් පසුව පැමිණි කොවඩ් වසංගතය හේතුවෙන් පසුගිය තෙවසරක් තිස්සේ දළදා පෙරහර ජනතාවට විවෘත වූයේ නැත. මෙවර දළදා පෙරහර මංගල්‍යය ජනතාවට විවෘත වේ.

Exit mobile version