පෙගසස් යොදාගෙන ඩුබායි කුමරියන් ගැනත් ඔත්තු බලලා

lathifa & haya

මේ දින වල ජාත්‍යන්තර අවාදනය දිනාගෙන තිබෙන ඔත්තු බැලීමේ මෘදුකාංගයක් වන පෙගසස් යොදාගෙන ඩුබායි හී කුමාරිකාවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු රැස්කරගෙන ඇති බවට අනාවරණය වේ.

ඩුබායි පාලකයා වව මොහම්මඩ් බින් රාෂිඩ් අල් මක්ටුම් ගේ දියණිය වන ලතීෆා කුමරියා සහ ඔහුගේ හිටපු බිරිද වන හායා කුමරිය පිළිබඳ පෙගසස් මෘදුකාංගය යොදාගෙන ඔත්තු බලා ඇති බවට විදෙස් මාධ්‍ය වර්තා කරයි.

මෑතකදී පෙගසස් මෘදුකාංගය නිපදවන ඊශ්‍රායලයේ එන්.එස්.ඕ සමාගම විසින් ඔත්තු බලන බවට චෝදනා කරමින් මාධ්‍ය වෙත නිකුත් වූ දුරකථන අංක 50000 අතරේ මෙම කුමරියන් දෙදෙනාගේ දුරකථන අංකද පවතින බවට වාර්තා වේ.


ලතීෆා කුමරියව ඩුබායි පාලකයා විසින් බලහත්කාරයෙන් රැදවා සිටින බවට චෝදනා එල්ල වන අතර හායා කුමරිය 2019 දී තමන්ට ජීවිත තර්ජන පවතින බවට පවසමින් ඩුබායි රාජ්‍යයෙන් පලාගියාය.

බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවට චෝදනා එල්ලවන ලතීෆා කුමරිය විසින් පටිගත කළ වීඩියෝවක් මේ වසරේ බී.බී.සී ලෝක සේවය වෙත ලැබී තිබිණි. එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන්ව සිය පියා විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවයි.

එසේම ඇය 2018 ඩුබායි රාජ්‍යයෙන් පලායාම උත්සහ කිරීමේදී ඉන්දියාවේ ගෝවා වෙරලට ආසන්නයේදී ඩුබායි හි විශේෂ පුහුණුව ලද කොමාන්ඩෝ භටයින්ගේ අත්අඩංගුවට පත්වූ බවටද සිය විඩියෝවෙන් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මීට මාස කිහිපයකට පෙර ඇය තවත් කාන්තාවන් දෙදෙනෙකු සමඟ සිටින ඡායාරූපයක් සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් වූ අතර එය කුමරිය වීඩියෝව නිකුත් කිරීමෙන් පසුව ගන්නා ලද ඡායාරූප බවට බොහොදෙනා පවසා තිබිණි.

හායා කුමරියද ඩුබායි රාජ්‍යයෙන් පැනගොස් බි්‍රතාන්‍යයෙන් තමනට ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා සිටියාය.

කෙසේ වෙතත් ඩුබායි රාජ්‍ය මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනු ලබන අතර කිසිවෙකු ජීවිත තර්ජන ඇතිවන ආකාරයෙන් තමන් කටයුතු කර නොමැති බවටද ඩුබයි පාලකයා වැඩිදුරටත් පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පෙගසස් මෘදුකාංගය නිර්මානය කළ සමාගම පවසන්නේ තමන් කිසිවිටෙක සාමාන්‍ය පුද්ගලයින් පිළිබඳ ඔත්තු බැලීම සිදු නොකළ බවයි. එසේම ඉතා ඉහළ මානව හිමිකම් මට්ටමක් ඇති රටවලට පමණක් තමන් සේවය සැලසූ බවද ඔවුන් පවසා තිබේ.

Exit mobile version